ඕස්ට්‍රේලියාවේ Parent Visa නැති වෙයිද? One Nation පක්ෂයේ අලුත්ම Migration Plan එක

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් ඕස්ට්‍රේලියාවේ refugee intake එක 90% කින් අඩු කිරීමට සහ parent visas සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අලුත් plan එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම නව යෝජනාවට අනුව වාර්ෂික refugee intake එක 20,000 සිට 2,000 දක්වා අඩු කරන්න ඇය යෝජනා කරනවා. ඒ වගේම migrants ලගේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට ලබාදෙන visa program එකත් නතර කරන්න ඇය තීරණය කරලා තියෙනවා.”අපිට තවත් මේක afford කරන්න බැහැ”

ඕස්ට්‍රේලියාව “migration වලින් හැදුණු” රටක් වුණත්, තවදුරටත් මේ අතිවිශාල වියදම දරාගන්න බැහැ කියලා Senator Hanson පවසලා තියෙනවා. “මේක tough love එකක් වෙන්න පුළුවන්, හැබැයි මගේ ආදරය තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජනතාවට” කියලා ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

One Nation පක්ෂය පසුගිය සැප්තැම්බර් මාසයේදී “net-negative migration” policy එකක් හඳුන්වා දුන් අතර වසර තුනක් ඇතුළත temporary visa holders ලා 750,000 ක් කපා හරින්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව වාර්ෂික net overseas migration එක 130,000 කට cap කරන්නත් ඔවුන් යෝජනා කරනවා.

ඩොලර් බිලියන 100 ක ඉතිරියක්?

මේ parent visas සහ humanitarian intake එක අඩු කිරීම හරහා ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 100 ක මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා One Nation පක්ෂයේ analysis වලින් පෙන්වා දීලා තියෙනවා. හැබැයි මේ දත්ත Parliamentary Budget Office (PBO) හරහා model කරලා නැති බවත් මෙහිදී සඳහන් වෙනවා.

මේ වන විටත් parent visa සඳහා queue එකේ ඉන්න 157,000 කට ආසන්න පිරිසකට ඔවුන්ගේ application fee එක refund කරනවා. නමුත් වෙනත් visa pathway එකක් හරහා රැඳී සිටීමට නොහැකි වුණොත්, දැනට ඕස්ට්‍රේලියාවේ සිටින දෙමාපියන්ට වුණත් නැවතත් රටින් පිටවෙන්න සිද්ධ වෙනවා. මේ ගැන අදහස් දක්වමින් Hanson පවසන්නේ “අපේ රටේ මිනිස්සුන්ටවත් aged care beds නැති එකේ වෙන අයට ඒවා දෙන්න බැහැ” කියලා ඇය ප්‍රකාශ කරනවා.

දේශපාලන ප්‍රතිචාර

Foreign Minister Penny Wong කියන්නේ මේ parent visas නතර කිරීම “very harsh” තීරණයක් කියලයි. ඇය පවසන්නේ ඕස්ට්‍රේලියාව global refugee crisis එක වෙනුවෙන් කරන්නේ බොහොම කුඩා දායකත්වයක් බවත්, අපේ රටට refugees භාරගැනීමේ වගකීමක් තිබෙන බවත් ඇය පෙන්වා දීලා තියෙනවා.

මේ අතර විපක්ෂය (Coalition) තමන්ගේ රජයක් යටතේ refugee intake එක 10,000 දක්වා හරි අඩකින් අඩු කරන්න පොරොන්දු වෙලා තියෙනවා. නමුත් Home Affairs Minister Tony Burke සඳහන් කරන්නේ, වර්තමාන රජයේ (Labor) ඉලක්කය වෙන්නේ net overseas migration අගය 225,000 සීමාවේ තියාගන්න කටයුතු කරනවා කියලයි. One Nation පක්ෂයේ මේ අලුත් policy එකත් එක්ක ඉදිරියේදී Australian migration rules වල ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.

Don't forget to share this post!

Recent Posts