ඔයත් නිතරම Antibiotics බොන කෙනෙක්ද? Australia Doctors ලාගෙන් ලෝකෙටම අනතුරු ඇඟවීමක්!

ප්‍රතිජීවක ඖෂධ (Antimicrobial resistance – AMR) වලට ඔරොත්තු දීමේ හැකියාව වේගයෙන් ඉහළ යාම හේතුවෙන් නූතන වෛද්‍ය විද්‍යාවේ පදනම පවා දෙදරා යාමේ අවදානමක් මතුව තිබෙන බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය (AMA) අනතුරු අඟවනවා.

මොකක්ද මේ අර්බුදය?
බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන් වැනි විෂබීජ, ඒවා විනාශ කිරීමට ලබා දෙන ඖෂධ වලට (විශේෂයෙන්ම Antibiotics වලට) අනුවර්තනය වී ඒවාට ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම මෙහිදී සිද්ධ වෙනවා. මේ නිසා සාමාන්‍ය ආසාදන පවා සුව කිරීමට අපහසු හෝ කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා.

2024 වසරේ පමණක් ඕස්ට්‍රේලියාව තුළ මෙවැනි දරුණු resistances වාර්තා වීම 25% කට වඩා වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුණොත් 2050 වසර වන විට ලොව පුරා මිලියන 39ක ජනතාවක් මිය යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. එය සියලුම පිළිකා රෝග නිසා සිදුවනු ඇතැයි අපේක්ෂා කරන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි අගයක් වෙනවා.

නූතන වෛද්‍ය විද්‍යාවට ඇති බලපෑම
AMA සභාපති වෛද්‍ය Michael Bonning පවසන්නේ antibiotics ක්‍රියා විරහිත වුවහොත් අපි අද සාමාන්‍ය දෙයක් ලෙස සලකන joint replacements කිරීම් පිළිකා ප්‍රතිකාර සහ සිසේරියන් සැත්කම් පවා ඉතා අවදානම් තත්ත්වයකට පත් වෙනවා කියලයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමරිකාවේ CDC ආයතනයත් මේ ගැන දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඇමරිකාවේ පමණක් වසරකට 50,800ක් පමණ මෙවැනි ඖෂධ වලට ඔරොත්තු දෙන විෂබීජ නිසා මිය යන බව වාර්තා වෙනවා.

ප්‍රධාන ගැටලු සහ මතභේද

  • වැඩිහිටි නිවාස: සමස්ත භාවිතය අඩු වුණත්, වැඩිහිටි නිවාස තුළ antibiotics නිර්දේශ කිරීම ඉහළ ගොස් තිබෙනවා.
  • Pharmacy හරහා නිකුත් කිරීම: Prescription නැතිව pharmacy වලින් UTI සඳහා antibiotics දීම නිසා බැක්ටීරියා ඖෂධ වලට ඔරොත්තු දීම වැඩි වී තිබෙනවා.
  • අලුත් Antibiotics හිඟකම: ලාභ අඩු නිසා ඖෂධ සමාගම් නව antibiotics නිපදවීමට පෙළඹෙන්නේ නැහැ.
  • කෘෂිකර්මාන්තය: සත්ව ආහාර සඳහා තවමත් antibiotics භාවිතා කිරීම ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා.

ඉදිරියට කුමක් කළ යුතුද?
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය AURA නම් නිරීක්ෂණ වැඩසටහන සඳහා 2024 දී ඩොලර් මිලියන 22කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් රෝහල්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වැඩිහිටි නිවාස මෙන්ම කෘෂිකර්මාන්තය සහ පරිසරය යන සියලු අංශ ඒකාබද්ධ කරගත් දැඩි රාජ්‍ය මැදිහත්වීමක් සහ නිසි ආයෝජනයක් වහාම අවශ්‍ය වෙනවා කියලයි වෛද්‍යවරුන් සහ විශේෂඥයන් පෙන්වා දෙනවා.

Don't forget to share this post!

Recent Posts