ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මේ වසරේ අවසන් සැසිවාර සතිය (final sitting week) ආරම්භ වී ඇති අතර රජය විසින් ගෙන එන Digital Duty of Care (Online Safety) නීතිවලින් අඩු අවදානම් සහිත කුඩා ව්‍යාපාර (low-risk small businesses) නිදහස් කිරීමට තීරණය කර තිබේ. සන්නිවේදන අමාත්‍ය Anika Wells තහවුරු කළේ මෙම පනතේ ප්‍රධාන අරමුණ කුඩා ව්‍යාපාරවලට අමතර බරක් පැටවීම නොව, අන්තර්ජාලය හරහා සිදුවන හානි වැළැක්වීමේ වගකීම ප්‍රධාන Tech සමාගම් වෙත පැවරීම බවයි. විපක්ෂය (Coalition) මෙම පනතට විරුද්ධ වී ඇති බැවින් Senate සභාවේදී මෙය සම්මත කර ගැනීමට Labor රජයට Greens පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය වී ඇත. 
Online safety පනතට අමතරව තවත් වැදගත් යෝජනා කිහිපයක්ම සම්මත කර ගැනීමට රජය උත්සාහ දරමින් සිටී. 2030 වසර අවසානය දක්වා Pharmaceutical Benefits Scheme (PBS) ඖෂධ මිල ඩොලර් 25 ක සීමාවේ තබා ගන්නා බව Labor රජය නිවේදනය කළේ, අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ගේ Health rebate අඩු කිරීමේ මතභේදාත්මක පනත සම්මත කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය Mark Butler උත්සාහ කරන අතරතුරයි. එමෙන්ම ගෑස් සමාගම්වල අපනයනවලින් 20% ක් දේශීය භාවිතය සඳහා වෙන් කිරීමේ සැලැස්මට විපක්ෂයේ සහාය අවශ්‍ය වුවද, Western Australia ප්‍රාන්තය ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් Coalition පක්ෂය සෑහීමකට පත්වී නොමැත.

තවද ඇතැම් Discretionary trusts සඳහා 30% ක අවම බද්දක් පැනවීමේ යෝජනාවට විපක්ෂයේ සහාය නොලැබෙන අතර පෞද්ගලික පාසල් හෝ ආගමික ආයතන එයින් නිදහස් නොකළ යුතු බව Greens පක්ෂය පවසයි. ඊට අමතරව නවෝත්පාදන Start-ups සඳහා 50% ක Capital gains tax වට්ටමක් නැවත ලබා දීමේ පනත සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රීවරියක වන Allegra Spender විසින් අවසන් මොහොතේ ඉදිරිපත් කළ විකල්ප යෝජනාවක් හේතුවෙන් එම පනත ප්‍රමාද වීමේ අවදානමක් ද මතුව තිබේ.