ඕස්ට්‍රේලියාවේ අලුත්ම Job Trend එක! Jobs and Skills Australia හඳුන්වා දෙන Skills-First ක්‍රමය ගැන දන්නවද?

“මට මේ skill එක ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද? මේක වෙනත් රැකියාවකට පාවිච්චි කරන්න පුළුවන්ද? මම ඊළඟට ඉගෙන ගන්න ඕනේ මොනවද?” වගේ ප්‍රශ්නවලට පැහැදිලි උත්තර ලබා දීමට ඕස්ට්‍රේලියාවේ Jobs and Skills Australia ආයතනය විසින් National Skills Taxonomy (NST) ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. අපේ skills කියන්නේ එක උපාධියකට හෝ එක රැකියාවකට සීමා වූ දෙයක් නෙවෙයි. ජීවිත කාලය පුරාම අධ්‍යාපනය, රැකියාව, ස්වේච්ඡා සේවය සහ එදිනෙදා අත්දැකීම් හරහා වර්ධනය වන දෙයක්. NST මගින් සිදු කරන්නේ අධ්‍යාපන, පුහුණු සහ රැකියා පද්ධති පුරාම skills විස්තර කිරීමට පොදු භාෂාවක් (common language) නිර්මාණය කිරීමයි. මෙහිදී සෑම skill එකකටම එකම නිල වාර්තාවක් පවතින අතර විවිධ මාර්ග ඔස්සේ එය සොයාගැනීමට හැකි වීම (polyhierarchy) විශේෂත්වයක්.

මෙහි ප්‍රායෝගික වටිනාකම Alex ගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. අවුරුදු ගණනාවක් building supplies විකුණන සාමාන්‍ය retail රැකියාවක් (සතිපතා සාමාන්‍ය ආදායම $1,241) කළ Alex, එමගින් technical තොරතුරු තේරුම් ගැනීම සහ ද්‍රව්‍ය ප්‍රමාණයන් ඇස්තමේන්තු කිරීම වැනි skills ලබාගෙන තිබෙනවා. NST හරහා Alex ට තමන් සතු එම skills, ඉහළ ඉල්ලුමක් සහ වැඩි වැටුපක් ඇති (සතිපතා සාමාන්‍ය ආදායම $2,280) Construction Estimating වැනි ක්ෂේත්‍රයකට සම්බන්ධ වන ආකාරය පැහැදිලිව දැකගත හැකියි. මේ නිසා රැකියා සොයන්නන්ට ඉහළ වැටුප් ලබන ක්ෂේත්‍රවලට යොමු වීමටත්, සේවායෝජකයන්ට ශ්‍රම හිඟය පියවා ගැනීමටත් පහසු වෙනවා.

මීළඟ පියවර ලෙස skills හුදෙක් වර්ගීකරණය කිරීමෙන් ඔබ්බට ගොස් ඒවා අධ්‍යාපනයට, රැකියාවලට සහ විවිධ අවස්ථාවලට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කිරීමට Ontology ක්‍රමවේදය භාවිතා කරනවා. මෙමගින් ඕස්ට්‍රේලියාවේ “Skills-first” ප්‍රවේශය (සහතිකවලට වඩා කෙනෙකුට කළ හැකි දේට මුල් තැන දීම) ප්‍රායෝගික වන අතර, පුද්ගලයන්ට, සේවායෝජකයන්ට, අධ්‍යාපන ආයතනවලට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිවැරදි තීරණ ගැනීමට උපකාරී වෙනවා. කෙසේ වෙතත්, මෙම පද්ධතියෙන් දැනට පවතින ආයතන හෝ සුදුසුකම් ක්‍රමවේද ප්‍රතිස්ථාපනය නොකරන අතර, කෙනෙකුගේ හැකියාවන් ඇගයීම (assessment), credit ලබා දීම හෝ රැකියාවට සුදුසු බව තීරණය කිරීම තවදුරටත් අදාළ ආයතන සහ සේවායෝජකයන් සතුවම පවතිනවා. මෙම Ontology ක්‍රමවේදය දැනට සැලසුම් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ අදියරේ පවතිනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම ලියාපදිංචි වන්න: webinar ‘Connecting skills across education and occupation’ on Monday 30 November 2026, 11:45 am – 12:30 pm AEDT.

වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න:

https://www.jobsandskills.gov.au/insights/connecting-skills-across-education-and-occupation

Don't forget to share this post!

Recent Posts