කොළඹ Port City හි ඉදිවෙන දකුණු ආසියාවේ පළමු Air Dome එක! එකවර අමුත්තන් 4,000කට පහසුකම්

කොළඹ Port City යේ දකුණු ආසියාවේ පළමු Air Dome එක මේ වන විට සාර්ථකව inflate සකස් කර තිබෙනවා. මෙය නවීන පන්නයේ උත්සව ශාලා (event venues) ඉදිකිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. වායු පීඩනයෙන් රඳවා පවතින (air-supported) මෙම දැවැන්ත Structure එක තුළ එකවර අමුත්තන් 4,000කට පමණ පහසුකම් සැලසීමට හැකියාව පවතිනවා. මෙහි තවත් ඉදිකිරීම් කටයුතු කිහිපයක් (civil works) නිම කිරීමට නියමිතව ඇති අතර 2026 දෙසැම්බර් මස අවසානය වන විට මෙය සම්පූර්ණයෙන්ම විවෘත කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

CHEC Port City Colombo (Pvt) Ltd හි ඉඩම් සංවර්ධන හා අලෙවිකරණ විධායක අධ්‍යක්ෂ / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශාලක විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩුබායි සහ වෙනත් ප්‍රධාන ජාත්‍යන්තර ගමනාන්තයන්හි පවතින මෙවැනිම මධ්‍යස්ථාන ආදර්ශයට ගනිමින් මෙය නිර්මාණය කර ඇති බවයි. විශේෂයෙන්ම රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ඇතුළු මහා පරිමාණ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) උත්සව සඳහා මෙම Air Dome එක යොදා ගැනීමට නියමිතයි.

කොළඹ Port City හි ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය සම්මන්ත්‍රණ ශාලාව (multi-purpose convention venue) නිමවන තෙක් තාවකාලික පහසුකමක් (interim facility) ලෙස මෙම Air Dome එක ක්‍රියාත්මක වනු ඇති. ඉදිරියේදී ඉදිකිරීමට නියමිත ස්ථිර Convention and Exhibition Centre එක තුළ ආසන 4,000කින් යුත් ගෘහස්ථ (indoor) අවකාශයක් සහ 5,000කට රැඳී සිටිය හැකි එළිමහන් (outdoor) ධාරිතාවක් ඇතුළත් වීමට නියමිතයි. ඊට අමතරව, මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයට යාබදව කාමර 400ත් 450ත් අතර සංඛ්‍යාවකින් සමන්විත තරු පන්තියේ ව්‍යාපාරික හෝටලයක් (star-class business hotel) ඉදිකිරීමටත් Port City ප්‍රධාන සැලැස්ම (master plan) යටතේ කටයුතු යොදා තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts