ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා (Visitor Visa) සඳහා අයදුම් කිරීමේදී සිදුවන සුළු අතපසුවීම් පවා ඔබේ වීසා අයදුම්පත ප්‍රමාද වීමට හෝ ප්‍රතික්ෂේප (Refusal) වීමට හේතු විය හැකියි. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) හඳුන්වා දෙන “Check Twice, Submit Once” ක්‍රමවේදයට අනුව පළමු වරින්ම තීරණයක් ගත හැකි මට්ටමේ (Decision-ready) අයදුම්පතක් සකස් කරගන්නා ආකාරය මෙම ලිපියෙන් සරලව විමසා බලමු.
1. සංචාරයේ අරමුණ පැහැදිලිව ඉදිරිපත් කරන්න (Purpose of Visit)
ඔබ ඕස්ට්‍රේලියාවට යන්නේ ඇයි, එහිදී කිරීමට බලාපොරොත්තු වන දේවල් මොනවාද සහ කොපමණ කාලයක් රැඳී සිටිනවාද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුයි. මෙය තහවුරු කිරීම සඳහා පහත ලියකියවිලි ඉදිරිපත් කළ හැකියි.
සම්පූර්ණ Travel Itinerary (සංචාරක සැලැස්ම), හමුවීමට යන පවුලේ අයගේ හෝ මිතුරන්ගේ විස්තර, හදිසි හෝ මානුෂීය හේතුවක් (Urgent, compassionate or compelling reasons) මත යන්නේ නම් ඒ බව තහවුරු කරන සාක්ෂි

2. නිවැරදි Travel History එකක් ලබා දෙන්න
ඔබ මීට පෙර විදේශ සංචාරවල නිරත වී ඇත්නම්, ඒ පිළිබඳ සම්පූර්ණ සහ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. සංචාරය කළ රටවල්, සංචාරය කළ දිනයන්, ඒ ඒ රටවල රැඳී සිටි කාලසීමාව
3. නැවත සියරට පැමිණෙන බව තහවුරු කරන්න (Intend to Leave Australia)
සංචාරයෙන් පසු ඔබ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටව යන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වේ. ඔබේ තත්ත්වය අනුව පහත දේවල් භාවිත කළ හැකියි.මෑතකාලීන වැටුප් පත්‍රිකා (Recent Payslips) ,නිවාඩු අනුමත කළ බවට සේවායෝජකයාගෙන් ලබාගත් ලිපිය (Employer Leave Approval Letter),අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි වී සිටින බවට සහතික, පවුලේ වගකීම් පෙන්වන ලියකියවිලි (උදා: දරුවන්ගේ උප්පැන්න සහතික)
4. මූල්‍ය හැකියාව පෙන්වන්න (Financial Support)
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ ඔබේ වියදම් දරාගැනීමට ප්‍රමාණවත් මුදල් ඇති බව තහවුරු කළ යුතුයි. මෑතකාලීන බැංකු ප්‍රකාශන (Recent Bank Statements), ආදායම් මාර්ග තහවුරු කරන ලියකියවිලි, වෙනත් මූල්‍ය වත්කම් පිළිබඳ සාක්ෂි
5. පවුලේ අය හෝ මිතුරන් බැලීමට යන්නේ නම් (Visiting Family or Friends)
ඔබ යන්නේ පවුලේ කෙනෙකු හෝ මිතුරෙකු බැලීමට නම්, ඔවුන්ගෙන් Invitation Letter (ආරාධනා ලිපියක්) අනිවාර්යයෙන්ම ඇමිණිය යුතුයි. එහි පහත කරුණු අඩංගු විය යුතුයි. ඔබ සහ ඔවුන් අතර ඇති සම්බන්ධතාවය, සංචාරයේ අරමුණ සහ නවාතැන් ගන්නා ස්ථානය, ඔවුන් ඔබට මූල්‍යමය හෝ වෙනත් සහායක් ලබා දෙනවාද යන වග
(ආරාධනා කරන පුද්ගලයා ඔබේ වියදම් දරන්නේ නම්, ඔවුන්ගේ මෑතකාලීන Bank Statements වැනි මූල්‍ය සාක්ෂිද ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම අසනීප වූ අයෙකු බැලීමට යනවා නම්, වෛද්‍යවරයෙකුගේ ලිපියක් (Doctor’s Letter) එක් කිරීම වඩාත් සුදුසුයි.)
6. කණ්ඩායමක් ලෙස අයදුම් කිරීම (Apply as a Group)
පවුලේ අය හෝ මිතුරන් පිරිසක් සමඟ එකට සංචාරය කරන්නේ නම්, ImmiAccount හි ඇති ‘Manage groups’ ටැබ් එක හරහා Group එකක් සාදා, එහි Group ID එක අනෙක් අයදුම්පත්වලටද ඇතුළත් කරන්න. මෙමඟින් සියලුම අයදුම්පත් එකට සලකා බැලීමට (Process together) ඉඩ සැලසෙන නමුත්, සෑම අයදුම්පතක්ම වෙන වෙනම තක්සේරු (Assess on its own merits) කරනු ලැබේ.
7. සියලුම ලියකියවිලි සහ English Translations
ඔබ මීට පෙර ඕස්ට්‍රේලියානු Visitor Visa සඳහා අයදුම් කර තිබුණද, මෙවර ඉල්ලා සිටින සියලුම ලියකියවිලි නැවත Upload කළ යුතුයි. යම් ලියකියවිල්ලක් ලබා දීමට නොහැකි නම් එයට හේතුව පැහැදිලි කර විකල්ප සාක්ෂි ඉදිරිපත් කරන්න.
පරිවර්තන නීති (English Translations):
ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති සෑම ලියකියවිල්ලකම මුල් පිටපත (Original) සමඟ ඉංග්‍රීසි පරිවර්තනය ඉදිරිපත් කළ යුතුයි.
ඕස්ට්‍රේලියාව තුළ පරිවර්තනය කරන්නේ නම්: NAATI සහතිකලත් පරිවර්තකයෙකු විය යුතු අතර ඔහුගේ NAATI Practitioner Number එක ඇතුළත් කළ යුතුයි.
ඕස්ට්‍රේලියාවෙන් පිටත (උදා: ශ්‍රී ලංකාවේදී) පරිවර්තනය කරන්නේ නම්: පරිවර්තකයාගේ සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය සහ සුදුසුකම් (Qualifications) පැහැදිලිව සඳහන් විය යුතුයි.
8. වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා (Applications for Children)
වයස 18 ට අඩු දරුවන් සඳහා අමතර ලියකියවිලි අවශ්‍ය වේ.දෙමව්පියන් දෙදෙනාගේම නම් සඳහන් දරුවාගේ උප්පැන්න සහතිකය, දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවන්ගේ අත්සන සහිත Photo ID පිටපත් (Passport හෝ Driving Licence), අදාළ නම් භාරකාරත්වය, දරුකමට හදාගැනීම (Adoption) හෝ අධිකරණ නියෝග ලියකියවිලි,මව හෝ පියා දරුවා සමඟ ගමන් නොකරන්නේ නම්: Form 1229 (Consent Form) හෝ දිවුරුම් ප්‍රකාශයක් (Statutory Declaration) ලබා දිය යුතුයි. දරුවා ඥාතියෙකු හෝ භාරකරුවෙකු නොවන අයෙකු ළඟ රැඳී සිටින්නේ නම්: Form 1257 (Undertaking Declaration) ඉදිරිපත් කළ යුතුයි.

9. ImmiAccount භාවිතය සහ වෙනත් අයගේ සහාය ලබා ගැනීම
ඔබේ අයදුම්පත Online ඉදිරිපත් කිරීමට, ප්‍රගතිය පරීක්ෂා කිරීමට සහ අමතර ලියකියවිලි එක් කිරීමට ImmiAccount භාවිත කරන්න. එහිදී Electronic Communication තෝරාගෙන, ඔබේ Contact Details නිවැරදි දැයි තහවුරු කරගන්න. Migration Agent කෙනෙකු හෝ නීතිඥයෙකුගේ සහාය ලබා ගන්නේ නම්: Form 956 සම්පූර්ණ කර අත්සන් කර ඉදිරිපත් කරන්න. වෙනත් අයෙකුට ඔබ වෙනුවෙන් ලිපි ලේඛන ලබා ගැනීමට බලය පවරන්නේ නම්: Form 956A ඉදිරිපත් කරන්න.
10. Processing Times සහ වැදගත්ම අවවාදය
වීසා අනුමත වීමට ගතවන කාලය Visa Processing Time Guide හරහා පරීක්ෂා කළ හැකි වුවත්, ඒවා ඇස්තමේන්තු (Estimates) පමණි. අඩුපාඩු සහිත අයදුම්පත් සඳහා වැඩි කාලයක් ගත විය හැකියි.
ඔබේ වීසා අයදුම්පත නිල වශයෙන් අනුමත (Grant) වන තුරු කිසිසේත්ම ගුවන් ටිකට්පත් (Flights) හෝ නවාතැන් (Accommodation) මුදල් ගෙවා වෙන් කරගන්න එපා.
Submit කිරීමට පෙර අවසන් පරීක්ෂාව (Final Checklist)
අයදුම්පත Submit කිරීමට පෙර මෙම කරුණු දෙවරක් පරීක්ෂා කරන්න:
- සෑම ප්‍රශ්නයකටම නිවැරදිව පිළිතුරු සපයා තිබේද?
- ලබා දුන් සියලුම තොරතුරු සම්පූර්ණ සහ නිවැරදිද?
- ඉල්ලා ඇති සියලුම ලියකියවිලි Upload කර තිබේද?
- ඉංග්‍රීසි නොවන ලියකියවිලි සඳහා නිවැරදි English Translations අමුණා තිබේද?
- අවශ්‍ය සියලුම Forms (956, 1229 ආදිය) අත්සන් කර තිබේද?
- ImmiAccount හි ඇති ඔබේ Contact Details නිවැරදිද?
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න https://immi.homeaffairs.gov.au/check-twice-submit-once/visitor-visa
මූලාශ්‍රය: Australian Government – Department of Home Affairs