මේ දවස්වල ලෝකය පුරාම වගේම ඕස්ට්‍රේලියාවෙත් Ozempic, Mounjaro වගේ GLP-1 weight-loss drugs පාවිච්චි කරන එක ලොකු trend එකක් වෙලා තියෙනවා. දැනටමත් ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් මේ injections පාවිච්චි කරන අතර දැන් අලුතින් pills පවා වෙළඳපොළට ඇවිත් තියෙනවා. හැබැයි මේ බෙහෙත්වලින් බර අඩු වෙනකොට අපි නොහිතන ලොකු අවදානමකුත් තියෙනවා කියලා විශේෂඥයෝ දැන් අනතුරු අඟවනවා.
මොකක්ද මේ අවදානම? GLP-1 බෙහෙත්වලින් කරන්නේ අපිට වැඩි වෙලාවක් බඩගිනි නොදැනී ඉන්න උදව් කරන එකයි. ඒක බර අඩු කරගන්න වගේම type 2 diabetes පාලනය කරන්නත් ගොඩක් උදව් වෙනවා. හැබැයි Exercise and Sports Science Australia (ESSA) ආයතනය කියන විදිහට මේ බෙහෙත් නිසා ඇඟේ තියෙන fat එක විතරක් නෙවෙයි muscle mass එකත් වේගයෙන් අඩු වෙන්න පුළුවන්. නිසි අධීක්ෂණයක් නැතුව මෙහෙම muscle loss එකක් වුණොත් විශේෂයෙන්ම වැඩිහිටි අයට තනියම ඇවිදගන්න බැරි වෙන එක වැටිලා අස්ථි බිඳෙන (bone fractures) එක වගේ බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

Resistance Training අනිවාර්යයි! University of Western Australia කරපු අලුත්ම පර්යේෂණයකින් හොයාගෙන තියෙන්නේ, GLP-1 බෙහෙත් ගන්න ගමන් resistance training කරන අයගේ muscle loss එක 25%කින් විතර අඩු වෙනවා කියලයි. ඒ නිසාම දැන් වෛද්‍යවරුන්ටත් රෝගීන්ගේ අවදානම කලින්ම හඳුනාගන්න ESSA ආයතනයෙන් අලුත් screening tools හඳුන්වා දීලා තියෙනවා.
මේ බෙහෙත් පාවිච්චි කරනවා නම් මතක තියාගන්න ඕන දේවල්:
-
තරාදියේ පෙන්නන බර ගැන විතරක් හිතන්න එපා, ඇඟේ ශක්තිය ගැනත් සැලකිලිමත් වෙන්න.
-
කල් දාන්නේ නැතුව මුල ඉඳන්ම ව්‍යායාම පටන් ගන්න.
-
සතියකට දවස් 2–3ක්වත් strength හෝ resistance training කරන්න පුරුදු වෙන්න.

-
හොඳට protein සහ පෝෂදායී ආහාර ගන්න.
-
Cardio exercises වලින් ඇඟේ fitness එක තියාගන්න.
-
නිසි වෛද්‍ය උපදෙස් නැතුව telehealth හරහා හෝ අනුමත නොකළ බෙහෙත් හිතුමතේට ගන්න එකෙන් වළකින්න.
බර අඩු කරගන්න එක විතරක් නෙවෙයි, දිගුකාලීනව නිරෝගීව සහ ශක්තිමත්ව ඉන්න එකයි වැදගත්ම දේ!
Source: ABC News Australia