ඕස්ට්‍රේලියාවේ වේගවත්ම සහ පැතලිම මැරතන් ධාවන පථය ලෙස ප්‍රසිද්ධ ASICS Gold Coast Marathon තරගාවලියට ඇති අධික ඉල්ලුම හේතුවෙන්, 2027 වසරේ සිට තරගකරුවන් තෝරාගැනීම සඳහා නව ballot system (අහඹු දිනුම් ඇදීමේ ක්‍රමයක්) හඳුන්වා දීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඒ අනුව, 42.2km Marathon, 21.1km Half Marathon සහ 63.3km Double තරග සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන ධාවකයින්ට මෙම ක්‍රමය හරහා සමාන අවස්ථාවක් හිමිවේ. මෙම ballot එක සඳහා නොමිලේ අයදුම් කිරීම 2026 දෙසැම්බර් 8 වැනිදා ආරම්භ වී 2027 ජනවාරි 8 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තරගකරුවන්ට තමන්ගේ මිතුරන් දෙදෙනෙකු දක්වා එකම අයදුම්පතකට සම්බන්ධ (link) කිරීමට හැකි වීමයි.

එහිදී එක් අයෙකු තේරී පත්වුවහොත් කණ්ඩායමේ සියලු දෙනාටම තරග කිරීමට අවස්ථාව ලැබේ. තේරී පත්වූවන්ට 2027 ජනවාරි 19 සහ 28 අතර ඊමේල් මගින් දැනුම් දෙන අතර, තම ස්ථානය තහවුරු කර ගැනීමට පැය 72ක කාලයක් හිමිවේ. 2027 Gold Coast Marathon ප්‍රධාන තරගය ජූලි 4 වැනි ඉරිදා පෙරවරු 6.15 ට Southport හි Broadwater Parklands වෙතින් ආරම්භ වීමට නියමිතය. Half Marathon, 10km, 5km සහ 2km Junior Dash වැනි අනෙකුත් තරග ඊට පෙර දින එනම් ජූලි 3 වැනි සෙනසුරාදා පැවැත්වේ. 10km, 5km, Junior Dash සහ Wheelchair ඉසව් සඳහා සාමාන්‍ය ලියාපදිංචිය 2027 පෙබරවාරි 2 වැනිදා වෙනම ආරම්භ කෙරේ.වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට ප්‍රධාන මැරතන් තරගය සඳහා ඉදිරිපත් විය හැකි අතර, තරගය අවසන් කිරීමට පැය 6 යි මිනිත්තු 40 ක කාලයක් ලබා දී ඇත. ඇතුළත් වීමේ ගාස්තු ලෙස Marathon තරගයට ඩොලර් 275 ක් සහ Half Marathon තරගයට ඩොලර් 200 ක් අය කෙරෙන අතර, කෙටි දුර ඉසව් සඳහා ගාස්තු ඩොලර් 30 සිට ඩොලර් 100 දක්වා පරාසයක පවතී. 2027 වසරේදී තරගකරුවන් 44,000 ක් පමණ මෙම තරගාවලියට එක්වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.මූලාශ්‍රය: Time Out Australia