සාම්ප්‍රදායික 9-to-5 full-time රැකියාව මේ වන විට “බොරු සිහිනයක්” (false dream) බවට පත්ව ඇති බව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම tech සමාගමක් වන Airtasker හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Tim Fung පවසයි. news.com.au හි Stress Tested podcast වැඩසටහනට එක්වෙමින් ඔහු අනතුරු ඇඟවූයේ Artificial Intelligence (AI) තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ එකම සමාගමක වසර 40ක් ස්ථාවරව රැකියාව කිරීමේ සංකල්පය දැන් අවසන් වී ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් රැකියා 44,000ක් පමණ අහිමි වී තිබේ. මෙවැනි පසුබිමක AI හේතුවෙන් සිදුවන mass lay-offs වලින් වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ කාර්යාලීය full-time රැකියා කරන white-collar සේවකයින්ට බව Tim Fung පෙන්වා දෙයි. කෙසේ වෙතත් tradies, cleaners සහ ප්‍රායෝගිකව දෑතින් වැඩ කරන gig economy සේවකයින්ට මෙම යුගයේදී ඉහළම job security එකක් හිමිවන බව ඔහුගේ අදහසයි.
Corporate රැකියාවක නිරත වීමේදී සේවකයින් තම මුළු ජීවිත කාලයම වැය කරන්නේ වෙනත් සමාගමක brand එකක් ගොඩනැගීමට බවත්, රැකියාවෙන් ඉවත් වූ විට ඔවුන්ට ඉතිරි වන දෙයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඊට සාපේක්ෂව flexible labour හෙවත් gig economy එක තුළින් පුද්ගලයෙකුට තමාගේම brand එකක් ගොඩනගා ගැනීමටත්, විවිධ ආදායම් මාර්ග විවර කර ගැනීමටත් හැකි වේ. දැනටමත් copywriting සහ graphic design වැනි ක්ෂේත්‍ර AI නිසා දැඩි බලපෑමකට ලක්ව ඇතත් මිනිසුන් සැමදාම “AI slop” කියවීමට කැමති නොවන බවද ඔහු අවධාරණය කළේය.

Humanoid robots ලා පැමිණීමෙන් තම සේවකයින්ට බලපෑමක් වේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Fung කියා සිටියේ, Airtasker හි රැකියාවලින් 95%ක්ම ප්‍රායෝගිකව මිනිස් දෑතින් කළ යුතු (in-person physical skills) ඒවා බවයි. එබැවින් රොබෝවරුන්ට මිනිස් ශ්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමට තවත් දශක ගණනාවක් ගතවනු ඇත. තවද, gig economy එක තුළ වැටුප් අඩු වන බවට එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කළ ඔහු, Airtasker පාරිභෝගිකයින්ගෙන් 70%ක්ම අඩුම මිල තෝරා ගන්නවා වෙනුවට ගුණාත්මකභාවය සහ විශ්වාසය මත වැඩි මුදලක් ගෙවීමට කැමති බව දත්ත මගින් තහවුරු වී ඇති බවද සඳහන් කළේය.
Source: news.com.au