ඕස්ට්‍රේලියාවේ ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ බිස්කට් වර්ගයක් වන Arnott’s Nice බිස්කට් සුපිරි වෙළඳසැල් රාක්කවල අවසන් වී ඇති අතර එය මේ බිස්කට් රසිකයින්ගේ අතර කලකිරීමට හේතු විය. මේ පිළිබද සමාජ මාධ්‍ය ජාලාවලද ඉතා උණුසුම් කතා බහක් ඇති කර ඇත.තාවකාලික සැපයුම් ප්‍රමාදයක් පමණක් පවතින බවත් ඒවා ඉක්මනින් නැවත පැමිණෙනු ඇති බවත් Arnott’s සමාගම පවසන නමුත්, බිස්කට් බෙදා හැරීම ප්‍රමාද වීම ගැන සාප්පු හිමියන් ද කනස්සල්ලට පත්ව සිටිති. සමහර පාරිභෝගිකයින් පවසන්නේ පවතින අධික ඉල්ලුම හේතුවක් කරගනිමින් බිස්කට් බෙදාහැරීම ප්‍රමාද කිරීම මිල වැඩි කිරීමේ උපාය මාර්ගයක් බවයි. මෙම ගැටලුව අනෙකුත් Arnottගේ නිෂ්පාදන පිළිබඳවත් පැනනැගී ඇති නිසා ජනතාව තවත් කනසල්ලට පත්ව ඇත.