වික්ටෝරියා පොලිසිය සිසුන්ට සමීප ඡායාරූප අන්තර්ජාලය හරහා බෙදාගැනීමේ අවදානම ගැන අනතුරු ඇඟවේ.
බාලවයස්කරුවන් අතර ඡායාරූප මත පදනම් වූ වැරදි තියුණු ලෙස ඉහළ යාමෙන් පසුව අන්තර්ජාලය හරහා සමීප පින්තූර බෙදාගැනීමේ අන්තරායන් පිළිබඳව වික්ටෝරියා පොලිසිය සිසුන්ට අනතුරු අඟවයි.පසුගිය වසර තුළ වයස අවුරුදු 18ට අඩු වින්දිතයන් සම්බන්ධ එවැනි වැරදි 23% කින් ඉහළ ගොස් ඇති අතර වාර්තා වූ සිද්ධීන් 310 කි. බොහෝවිට කැමැත්ත ඇතිව බෙදා ගන්නා පැහැදිලි පින්තූර අවසරයකින් තොරව නැවත බෙදා හරිනු ලබන අතර එසේ නැතිනම් ප්‍රේම සබඳතා අවසන් වූ පසු පළිගැනීම සඳහා භාවිතා කරයි.අවදානම් සහ නීතිමය අවස්ථා පිළිබඳව තරුණයින් සහ ඔවුන්ගේ පවුල් අතර විවෘත සාකච්ඡා පවත්වන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. එසේ කැමැත්තකින් තොරව ඡායාරූප බෙදාගෙන ඇත්නම් ඒ පිළිබදව ReportCyber සහ ESafety කොමසාරිස් වැනි අධිකාරීන් වෙත වාර්තා කිරීමට හැකිබව පොලීසිය වැඩිදුරටත් පවසා ඇත.