මෙල්බර්න් නුවර විශාල මහජන විරෝධතාවයක් අද පැවැත්වෙයි

  • Home
  • /
  • News
  • /
  • මෙල්බර්න් නුවර විශාල මහජන විරෝධතාවයක් අද පැවැත්වෙයි

අවි ප්‍රදර්ශනයකට එරෙහිව විශාල මහජන විරෝධතාවයක් පැවැත්වේ.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Shadow Police Minister, Brad Battin විසින් අද (11) මෙල්බර්න් නුවර පැවැත්වෙන අවි ප්‍රදර්ශනයෙන් පිටත රැස් වීමට බලාපොරොත්තු වන මහජන විරෝධතා අතරතුර ඇතිවිය හැකි ප්‍රචණ්ඩත්වයේ තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා තිබේ.විරෝධතාකරුවන් 25,000 ක් පමණ අපේක්ෂා කරන අතර විශාල ජනකායක් පැමිණෙන නිසා ඔවුන් තුළ ඇතිවන සාමූහික මානසිකත්වය නිසා අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට Battin මහතා අනතුරු ඇඟවීය.වික්ටෝරියා ප්‍රාන්තයේ සහ ඉන් ඔබ්බෙහි පොලිස් නිලධාරීන් 1,800ක් රාජකාරියේ යෙදී සිටින බවත් එම ස්ථානය ආරක්ෂා කිරීම මෙන්ම විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම යන දෙඅංශයේම වගකීම ආරක්ෂක අංශ වෙත පැවරී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025