කොමර්ෂල් බැංකුවට SEC වෙතින් ආයතනික මූල්‍ය උපදේශක බලපත්‍රය හිමිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • කොමර්ෂල් බැංකුවට SEC වෙතින් ආයතනික මූල්‍ය උපදේශක බලපත්‍රය හිමිවෙයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් ආයතනික මූල්‍ය උපදේශකයකු (CFA) ලෙස ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

CFA බලපත්‍රයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 188 වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති උපදේශන සේවා සැපයීමටත් එවැනි සේවා සඳහා ගාස්තු සහ කොමිස් අය කිරීමටත් කොමර්ෂල් බැංකුවට මින් ඉදිරියට හැකියාව ලැබේ. 

මූලික කොටස් නිකුතු සහ ද්විතීක නිකුතු මෙන්ම ණයකර සහ ඒකාබද්ධ ණය ඔස්සේ  ප්‍රාග්ධන රැස්කිරීමට සමාගම්වලට සහාය වීම සහ ඒකාබද්ධ කිරීම් හා අත්පත් කර ගැනීම්, ප්‍රතිවිකුණුම්, ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණය, උපායමාර්ග සංවර්ධනය සහ තක්සේරුකරණය පිළිබඳ උපදෙස් ලබාදීම වැනි සේවා බැංකුව ලබා දෙන ආයතනික මූල්‍ය උපදේශන සේවාවලට ඇතුළත් වේ.

සිය ආයතනික මූල්‍ය උපදේශන සේවාවන් තුලින් ගනුදෙනුකරුවන්ට වැඩි දියුණු කළ වටිනාකමක් ලබා දීමට සිය කැපවීම බැංකුව පිළිබිඹු කරන බැංකුව පවසයි. මෙම උපදේශන සේවා සැපයීම මගින් කොමර්ෂල් බැංකුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපළ තුළ වර්ධනය සහ නවෝත්පාදනයන් ද ප්‍රවර්ධනය කර ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Don't forget to share this post!

Recent Posts

JICA_1200px_25_03_12-1000x600
March 13, 2025