ශ්‍රී ලංකාව තුළ බදු පැහැර හැරියොත් නීතිය තදින් ක්‍රියාත්මක වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව තුළ බදු පැහැර හැරියොත් නීතිය තදින් ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හිඟ බදු එකතු කිරීම සදහා සූදානම් වේ.

මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් සිටියහොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමට ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බලය තිබෙන බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.

කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබා නොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025