2024 දී දෙවන වරටත් ICC මගින් කමිදුට සම්මානයක් හිමිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • 2024 දී දෙවන වරටත් ICC මගින් කමිදුට සම්මානයක් හිමිවෙයි.

සැප්තැම්බර් මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්  නම් කර තිබේ.

කමිදු මෙම සම්මානය මේ වසරේ දී දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ. ඒ අනුව 2024 වසරේදී ICCයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිදු වේ. කමිඳු 2024 මාර්තු මාසයේදී ද මෙම සම්මානය දිනාගත්තේ ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ කමිඳු මෙම සම්මානය දිනාගත්තේ ප්‍රබාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමග පැවති තියුණු තරගයකින් අනතුරුව බවය.

සැප්තැම්බර් මාසයේදී කමිඳු ටෙස්ට් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ඔහු ලකුණු 451ක් රැස්කර තිබුණි.එහි සාමාන්‍ය සඳහන් වන්නේ 90.20ක් ලෙසට ය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025