ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබදව නව රජයෙන් තීරණයක් ගනියි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබදව නව රජයෙන් තීරණයක් ගනියි.

ශ්‍රී ලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබූ සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවයි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.එම සැලසුම යටතේ ගුවන් සේවයේ කොටස් 51%ක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණි. ඒ සඳහා පාර්ශව 6ක් සිය කැමැත්ත දන්වා තිබූ නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් නොලැබීය.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වුණි.එහි එකතු වී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙයි.

ගනේගොඩ මහතා විසින් පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි.මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පැමිණෙනු ලබන්නේ ද ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිත කිරීමෙනි.

2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමා ගැනීමට සැලසුම් කරමින් සිටියි.

Don't forget to share this post!

Recent Posts

Sri-Lankan-2 (1)
October 16, 2024