කොදෙව්වන් පරදමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • කොදෙව්වන් පරදමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි 20 තරග ඉතිහාසයේ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.

දෙරට අතර පළමුවෙන්ම ද්විපාර්ශ්වීය විස්සයි 20 තරගාවලියක් පැවැත්වූයේ 2015 වසරේදී ශ්‍රී ලංකාවේදීය.තරග දෙකකින් යුත් එම තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

කෙසේ නමුත් ඉන් අනතුරුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලිය තරග 2-0ක් ලෙසත්, 2021 වසරේදී කොදෙව් දූපත්හිදී පැවති තරගාවලිය තරග 2-1ක් ලෙසිත් ශ්‍රී ලංකාව පරාජය විය.ඊයේ (17) පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18 වැනි පන්දුවාරයේ දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉලක්කය සම්පූර්ණ කරගන්නා විටත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය.කුසල් අද රැස්කළේ ඔහුගේ 15වැනි විස්සයි 20 අර්ධ ශතකය විය.

මෙහිදී කුසල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් පැවැත් වූ කුසල් පෙරේරාද සිය විස්සයි20 දිවියේ 15වැනි අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

Don't forget to share this post!

Recent Posts

Monkeypox1724151200
October 18, 2024