සෞදි අරාබිය දණ ගැස්සූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම

  • Home
  • /
  • Sports
  • /
  • සෞදි අරාබිය දණ ගැස්සූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන 13 වැනි ආසියානු කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේදී ශ්‍රී ලංකාව සෞදි අරාබියට එරෙහිව ලකුණු 118 – 05 ක දැවැන්ත ජයක් ලැබීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැල්පන්දු තරගයකදී ප්‍රතිවාදී පිළකට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් අවස්ථාවක් ලෙස ඉරිදා (19) වාර්තා වූ එම තරග ජය දැක්විය හැකිය.කෙසේවූවත් ආසියානු දැල්පන්දු තරගාවලියට පළමු වරට ඉදිරිපත් වූ සෞදි අරාබි කණ්ඩායමට එහිදී මුණගැසුණු ශ්‍රී ලංකාව ගිය වර තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ප්‍රබලතම කණ්ඩායම ලෙස සැළකිය හැකිය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025