කොදෙව්වන්ට එරෙහි දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • කොදෙව්වන්ට එරෙහි දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ (23) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

 

ඊයේ(23) දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළේය.

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණි.ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

 

දෙරට අතර පැවැත්වෙන තෙවෙනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 26 වනදා පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025