රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ස්පාඤ්ඤයේ දැවැන්ත විරෝධතා

  • Home
  • /
  • News
  • /
  • රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ස්පාඤ්ඤයේ දැවැන්ත විරෝධතා

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගර බලධාරීන්ට විරෝධය පළ කරමින් ජනතාව දැවැන්ත විරෝධතාවක් පැවැත්විය.

 

විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට විරෝධතාව සඳහා එක්ලක්ෂ තිස් දහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි.

 

විරෝධතාවයට හේතුව වන්නේ පසුගියදා ස්පාඤ්ඤය මුහුණ දුන් ව්‍යසනකාරී ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී රාජ්‍ය නිලධාරීන් මන්දගාමීව කටයුතු කළ බවයි. 

 

ඒ හේතුවෙන් ප්‍රාදේශීය නායකයින් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසන අතර ගංවතුර හේතුවෙන් සිදු වූ සියලු ජීවිත හානි සඳහා බලධාරීන් වග කිවයුතු බවයි ඔවුන් පෙන්වා දෙයි.

 

200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 80 දෙනෙකු පමණ අතුරුදන් බවද සඳහන් වේ.

 

ගංවතුරෙන් පසු ජනතාවගේ සුවදුක් විමසීමට පැමිණි ස්පාඤ්ඤයේ ෆෙලීපේ රජුට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට 

පවා ප්‍රකෝපකාරී වූ ජනතාව කටයුතු කළහ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025