ඉන්දියානු කෝටිපති ව්‍යාපාරික අදානිට අමෙරිකාවෙන් සිතාසි

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියානු කෝටිපති ව්‍යාපාරික අදානිට අමෙරිකාවෙන් සිතාසි

ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව එල්ලවී ඇති අල්ලස් චෝදනාවලට අදාළව අමෙරිකාවේ සුරැකුම්පත් සහ විනිමය කොමිසම විසින් මේ වනවිට සිතාසි නිකුත් කර තිබේ.එමෙන්ම එම චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ බෑණනුවන් වන ‘Adani Green’හි විධායක අධ්‍යක්ෂ සාගර් අදානිට ද සිතාසි නිකුත් කර ඇත. 

මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා වන්නේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමේ අරමුණින් ඉන්දීය නිලධාරීන් වෙත අල්ලස් ලබාදී ඇති බවත්, අමෙරිකානු ආයෝජකයින් ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයින් මුලාකර ඇති බවත් යන චෝදනාය.ඒ අනුව දින 21ක් තුළ නිව්යෝර්ක් හි අධිකරණයක් වෙත වාර්තා කරන ලෙසට අදානි සහ සාගර් අදානිට අමෙරිකාව නියෝග කර ඇත.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025