Sydneyහි නිවසකට කඩා වැදුණු මෝටර් රථයකින් සිදු වූ මාරාන්තික රිය අනතුර

  • Home
  • /
  • News
  • /
  • Sydneyහි නිවසකට කඩා වැදුණු මෝටර් රථයකින් සිදු වූ මාරාන්තික රිය අනතුර

සිඩ්නි ප්‍රාන්තයේ බෙල්ෆීල්ඩ් ප්‍රදේශයේ නිවසක් තුළට මෝටර් රථයක් කඩා වැටීමෙන් තරුණියක් තුවාල ලබා රථයේ ගමන් ගත් මගියකු මිය ගොස් රියදුරු රෝහල් ගත කර තිබේ. පෙරවරු 10:30 ට පමණ පන්ච්බෝල් පාරේ දී හදිසි සේවා නිලධාරීන් විසින් මෙම සිදුවීමට ඉතා ඉකම්න් ප්‍රතිචාර දැක්වූ අතර එහිදී මෝටර් රථයක් ගඩොල් නිවසකට කඩා වැදී ඇති බව ඔවුන් සොයා ගත්හ.81 හැවිරිදි කාන්තා මගියා වාහනය තුළ සිරවී සිටි අතර, බේරා ගැනීමටත් පෙර එම ස්ථානයේදීම මිය ගොස් ඇත.රියදුරා වශයෙන් කටයුතු කර ඇති කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන 82 හැවිරිදි පුද්ගලයා රෝහල් ගත කර ඇත.අනතුරට පත් වූ අනෙක් කාන්තාව, වයස අවුරුදු 20ක් පමණ තිස්සේ පදිංචි කාන්තාවක් වන අතර අනතුර සිදුවන වෙලාවේ දී ඇය ඇගේ නිදන කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර අනතුරින් ඇගේ මුහුණට තුවාල සිදු වී ඇති අතර දතක් ද කැඩී ඇති අතර ඇයව ද ප්‍රතිකාර උදෙසා රෝහලට ගෙන ගොස් ඇත.හානියට පත් නිවස ආරක්ෂා කිරීම සඳහා ගිනි නිවන රථ හතරක් පැමිණ ඇත. දේපළවලට සිදු වූ සැලකිය යුතු හානිය සැලකිල්ලට ගෙන, සාපේක්ෂව සුළු තුවාල සහිතව අනතුරින් දිවි ගලවා ගැනීම ගැන අධිකාරී රොබට් ටොයින්ටන් තරුණ කාන්තාවට ප්‍රශංසා කළේය. අනතුරට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතී.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025