එංගලන්තයේ H.M.P.V වෛරසය වාර්තාගත අයුරින් ඉහළට

  • Home
  • /
  • Health
  • /
  • එංගලන්තයේ H.M.P.V වෛරසය වාර්තාගත අයුරින් ඉහළට

සීත ඍතුවත් සමඟ එංගලන්තයේ එච්.එම්.පී.වි. වෛරසය වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වී තිබේ. එම සංඛ්‍යා ලේඛනවලට අනුව එරට රෝහල් 20කින් අවම වශයෙන් එක් රෝහලක එච්.එම්.පී.වී. වෛරසය ආසාදිත වූ රෝගීයෙකු  ප්‍රතිකාර ගන්නා බවත්, උණ හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන්නේ නම් මුඛ ආවරණ පලඳින ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙවර සීත ඍතුවත් සමඟ රටවල් රැසක එච්.එම්.පී.වී. වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, පෙරේදා ඉන්දියාවේ අහමදාබාද් නුවරින් වෛරසය ආසාදිත සිවු හැවිරිදි දරුවකු හඳුනා ගෙන ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කර තිබේ. එම රෝගියත් සමඟ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වූ එච්.එම්.පී.වී. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

එම වෛරසය චීනයෙන් ව්‍යාප්ත වූ බවට වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති බවත්, චීනය මෙතෙක් එම තොරතුරු ලබා දී නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. කෙසේ වුවද නව වෛරසය චීනයේ පැතිරෙන බව එරට බෝවෙන රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පිළිගෙන ඇති බවත්, එම  තත්ත්වය සාමාන්‍යයෙන් සීත ඍතුවේදී ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025