මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණයක්

  • Home
  • /
  • Sports
  • /
  • මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණයක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන  මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට  තීරණය කර ඇත.ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වන බව සඳහන් ය. 

35 හැවිරිදි වියේ පසුවන  ස්ටොයිනිස් එක්දින තරග 71කදී ලකුණු 1495ක් රැස්කර ඇති අතර.ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින තරග මෙන්ම විස්සයි 20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. එමෙන්ම විස්සයි 20 තරග 74කට ක්‍රීඩාකර ඇති ඔහු අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1245ක් ද  රැස්කර තිබේ.ස්ටොයිනිස් මෙම තීරණය ගෙන ඇත්තේ  විස්සයි 20 ක්‍රිකට් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට  බව සඳහන්ය.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025