ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූරයා අද ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූරයා අද ලංකාවට

ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

යොහාන් පීරිස් අද අලුයම 02යි 20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට  පැමිණ තිබේ. 

යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස ලංකාවට පැමිණ තිබේ.

මේ වනවිට යොහාන් පීරිස්ට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ, ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු අමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු තරණය කිරීමට හැකි වී තිබේ.

Don't forget to share this post!

Recent Posts

Palestinian Hamas militants take part in an anti-Israel rally in Gaza City May 22, 2021. REUTERS/Mohammed Salem
July 2, 2025