ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක්

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය පෙන්නමින්  2025 වසරේ පෙබරවාරි මාසයේදී 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක්  පැමිණ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ  2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ ඇති බවත් ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවත් එම සංඛ්‍යාව 34,006 ක් පමණ වන බවයි. 

එමෙන්ම රුසියාවෙන් සංචාරකයන් 29,241ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 24,830ක් පැමිණ තිබෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම වසරේ මුල් මාස 2 තුළ ශ්‍රී ලංකාව සංචාරකයන් 485,102ක් පැමිණ ඇති බවයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025