Gaza තීරයේ ගිනි ඇවිලෙද්දී ලොව බලවතුන් එක්ව G7 අරඹයි

  • Home
  • /
  • News
  • /
  • Gaza තීරයේ ගිනි ඇවිලෙද්දී ලොව බලවතුන් එක්ව G7 අරඹයි

ලොව බලවත්ම නායකයින් එකතුවන G7 සමුළුව කැනඩාවේ Alberta හි Kananaskis හිදී ඇරඹේ. මෙම වර්ෂයේදී පැවැත්වෙන්නේ 51වන G7 සමුළුව වන අතර එයට සත්කාරකත්වය දරනු ලබන්නේ කැනඩාව විසින්. 

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය, සහ ඇමෙරිකාව මේ සඳහා සහභාගී වන රටවල් වනවා. එමෙන්ම යුරෝපා සංගමයේ ආරාධනය පරිදි ඕස්ට්‍රේලියාව, මෙක්සිකෝව, යුක්රේනය හා ඉන්දියාව ආදී රටවල් කිහිපයක නායකයින්ද මේ සඳහා සහභාගී වනු ඇති.

අනාගත සහයෝගිතා ආරක්ෂා කර ගැනීම, බලශක්ති ආරක්ෂණය සහ ඩිජිටල් පරිවර්තනය, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව වැනි කරුණු රැසක් මෙහිදී සාකච්චා කිරීමට නියමිතයි. ලොව පුරා යුධ උණුසුමක් ඇති වෙමින් පවතින හා, ඊශ්‍රායලය හා ඉරානය අතර දරුණු යුද්ධයක් පවතින අවස්ථාවක ලෝක බලවතුන්ගේ මෙම හමුව ගෝලීය දේශපාලනය තුළ වැදගත් සංදිස්ථානයක් වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

342506
June 17, 2025