විදේශ අමාත්‍යවරිය ලබන සතියේ ඉන්දියාවට

  • Home
  • /
  • News
  • /
  • විදේශ අමාත්‍යවරිය ලබන සතියේ ඉන්දියාවට

විදේශ අමාත්‍ය Penny Wong ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. එතුමියගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන්නේ, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා වන Richard Marles ඉන්දීය සංචාරයෙන් දින කිහිපයකට පසුවයි. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එම සංචාරයේ අරමුණ වෙයි.

මෙම වසරේ ඉන්දියා සහ ඔස්ට්‍රේලියා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 5 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර එහිදී Quad සමුළුව සඳහා අගමැති Anthony Albanese ඉන්දියාව බලා යාමට අපේක්ෂා කරයි.

ඉන්දියාව සමග ආරක්ෂක, වෙළඳ, සංක්‍රමණ හවුල්කාරිත්වයේ සිට රැකියා ආදී විවිධ ක්ෂේත්‍රවල දැනටමත් කටයුතු කරමින් සිටින අතර, ඉන්දු-පැසිෆික් කලාපයේ සිය හවුල්කාරිත්වය පවත්වා ගැනීම සඳහා දෙරටම තවදුරටත් කටයුතු කරනු ඇත.

 

Image credit goes to by : https://commons.wikimedia.org/wiki/File:Penny_Wong_DFAT_official.jpg

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025