ඉරානය හා ඊශ්‍රායලය ගුවන් ගමන් නවතා දැමීමත් සමග නැවත ගෙන්වා ගැනීම් සංකීර්ණයි – විදේශ කටයුතු ඇමතිවරිය කියයි

  • Home
  • /
  • News
  • /
  • ඉරානය හා ඊශ්‍රායලය ගුවන් ගමන් නවතා දැමීමත් සමග නැවත ගෙන්වා ගැනීම් සංකීර්ණයි – විදේශ කටයුතු ඇමතිවරිය කියයි

ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉවත් වන ලෙස මේ වන විටත් රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. දෙරට අතර පවතින යුධ තත්වය උත්සන්න වීම මෙයට හේතුවයි. ඇතැම් රටවල් එහි සිටින සිය පුරවැසියන්ට අනෙකුත් දේශසීමා ඔස්සේ වෙනත් රටවල්වලට ගමන් කිරීමට පහසුකම් සලසා ඇති අතර තවත් සමහර රටවල් මේ වන විටත් ගුවන් යානා මගින් සිය පුරවැසියන් මව් රට වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටියි.

ගැටුම් කලාපවලින් ඉවත් වීම සඳහා ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින ඕස්ට්‍රේලියානුවන් 1000කට අධික සංඛ්‍යාවක් රජයේ සහාය ඉල්ලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජය ජෝදාන් දේශසීමාව හරහා ඊශ්‍රායලයෙන් පිටවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්, ඒ සඳහා බස් රථ යෙදවීමට සැලසුම් කරමින් සිටින බවත් ඔවුන් වෙත දන්වා තිබුණා. 

යම් පිරිස් දේශ සීමා හරහා පිට වෙමින් සිටින බවද ගුවන් ගමන් නවතා දමා ඇති නිසා නැවත ගෙන්වා ගැනීමේ කටයුතු අසීරු බවද විදේශ කටයුතු අමාත්‍යවරිය මාධ්‍යයට ප්‍රකාශ කළාය. ඇය තව දුරටත් පැවසුවේ ඊශ්‍රායලය හරහා විකල්ප තිබුණද ඉරානය තුළ තත්ත්වය වඩාත් සංකීර්ණ වන බවයි. 

 

Image Credit goes to by : https://media.un.org/photo/en/asset/oun7/oun71068696

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025