2025 මාර්තු 24 වන දින නිවේදනය කළ ආකාරයට 2025 ජූලි 1 වන දින සිට කුසලතා සහිත වීසා ආදායම් සීමාවන් (skilled visa income thresholds) 4.6% කින් වැඩි වීමට නියමිතයි. මෙය වාර්ෂික Average Weekly Ordinary Time Earnings – AWOTE (සාමාන්‍ය සතිපතා සාමාන්‍ය කාල ඉපැයීම්) හි වෙනස්කම් වලට අනුකූල වේ.
2025 ජූලි 1 වන දින සිට, indexation changes පහත සඳහන් වීසා සඳහා අදාළ වේ:
The Core Skills Income Threshold (CSIT)
මෙය AUD73,150 සිට AUD76,515 දක්වා වැඩි වනු ඇත. Core Skills stream of the Skills in Demand (subclass 482) සහ Employer Nomination Scheme (subclass 186) යන වීසා වර්ග වල නාමයෝජනා අයදුම්පත් සඳහා එය බලපානු ඇත.
The Specialist Skills Income Threshold (SSIT)
මෙය AUD135,000 සිට AUD141,210 දක්වා වැඩි වනු ඇත. එය Specialist Skills stream of the Skills in Demand (subclass 482) වීසා බලපත්‍රයේ නාමයෝජනා අයදුම්පත් සඳහා බලපානු ඇත.
The Temporary Skilled Migration Income Threshold (TSMIT)
CSIT සමඟ සමපාතව මෙය AUD73,150 සිට AUD76,515 දක්වා වැඩි වනු ඇත. එය Skilled Employer Sponsored Regional (SESR) (subclass 494) සහ Regional Sponsored Migration Scheme (RSMS) (subclass 187) වීසා වල නාමයෝජනා අයදුම්පත් සඳහා බලපානු ඇත.
2025 ජූලි 1 වන දින සිට, ඕස්ට්‍රේලියාවේ skilled visas සඳහා නව නාමයෝජනා අයදුම්පත්, වැඩි කරන ලද අදාළ ආදායම් සීමාව හෝ නම් කරන ලද රැකියාව සඳහා අදාළ වාර්ෂික වෙළඳපල වැටුප් අනුපාතය යන දෙකෙන් ඉහළ අගය සපුරාලිය යුතුය.
මෙම වෙනස 2025 ජූලි 1 දිනට පෙර ගොනු කරන ලද දැනට සිටින වීසා හිමියන්ට සහ නාමයෝජනා සඳහා අදාළ නොවේ.