උසස් අධ්‍යාපන වියදම අඩුම නගරය මේක
කලින් articles වලින් Australian Capital Territory (Canberra), New South Wales (Sydney), Northern Territory (Darwin), Queensland (Brisbane) කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උසස් අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියන එක කතා කළා. අද අපි කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට සූදානම් වන ඔයා South Australia සහ එහි ප්‍රධාන නගරය වන Adelaide ගැන වගේම එහි අධ්‍යාපනික පරිසරය ගැන දැනගන්න අවශ්‍ය දේවල්. මේ දේවල් උසස් අධ්‍යාපනය සඳහා සුදුසු විශ්වවිද්‍යාලයක් තෝරාගන්න ඔයාට උදව් වෙයි.
ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2% අතරට ශ්‍රේණිගත කර ඇති විශ්වවිද්‍යාල ඔබට මෙහිදී හමු වේවි. South Australia හි රැඳී සිටින උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති උපාධිධාරීන් සඳහා අමතර වසරක පශ්චාත් අධ්‍යයන රැකියා අයිතිවාසිකම් ලැබෙනවා.
සොබාදහමයේ ආශ්චර්යමත් කලාපයක් වන මෙම ප්‍රදේශයේ ඉතා සුන්දර වෙරළ තීරයන්, ලෝක මට්ටමේ වයින් කර්මාන්තශාලා, කඳු සහ ඕස්ට්‍රේලියානු වනජීවීන් රාශියක් දැකගන්න පුළුවන්.
දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර වන Adelaide, සියලුම අධ්‍යයන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ස්ථාපිත ආයතන සහිත ප්‍රමුඛ අධ්‍යාපන නගරයක්. The University of Adelaide ලොව ඉහළම විශ්ව විද්‍යාල 100 අතරට ශ්‍රේණිගත කර ඇති අතර ප්‍රමුඛ පර්යේෂණ විශ්ව විද්‍යාලයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙනවා.
South Australia හි ප්‍රධාන කර්මාන්ත;
- Health and Medicine
- Tourism, Energy and Minerals
- Defence and Space
- Information Technology
- Food and Agribusiness
- Creative Industries
ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය Adelaide හි පිහිටා ඇති අතර එය ගෝලීය ආයෝජන සහ කුසලතා, නගරයට ආකර්ෂණය කර ගන්නා ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස කටයුතු කරයි. Adelaide ගෝලීය තාක්‍ෂණ ප්‍රමුඛයන් වන Microsoft, NEC, BAE Systems සහ big four accounting firms සඳහා සත්කාරකත්වය සපයයි.
ඔබ අගනුවර වන Adelaide වලින් පිටත සංචාරය කරන විට, ඔබට Flinders Ranges වැටිවල පුරාණ ආවාට සහ කඳු බෑවුම් ගවේෂණය කර ස්වභාවික මංපෙත් තරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් Barossa Valley, Adelaide Hills, Mc Laren Vale සහ Clare valley ඇතුළු ලෝක ප්‍රසිද්ධ වයින් කලාපවලින් එකක් නැරඹීමට තෝරා ගන්න.
Flinders University, The University of Adelaide, University of South Australia, Torrens University සහ TAFE SA මෙහි ඇති ප්‍රධාන අධ්‍යාපන ආයතනයි. මිලියන 1.3 කට වඩා වැඩි ජනගහනයක් ජීවත් වෙන Adelaide, අනෙකුත් ඕස්ට්‍රේලියානු අගනගරවලට සාපේක්ෂව අඩු ජීවන වියදමක් ඇති නගරයක්.
දකුණු ඕස්ට්‍රේලියාවේ තවත් කැපී පෙනෙන ස්ථානයක් ලෙස කැන්ගරු දූපත (Kangaroo Island) හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ‘zoo without fences’ ලෙස හඳුන්වනු ලබන මෙම දූපත ඕස්ට්‍රේලියානු වනජීවීන්, හුදකලා වෙරළ තීරයන්, අවන්හල් සහ වයින් කර්මාන්තශාලා රාශියක් දැක බලා ගැනීමට හොඳම ස්ථානයක්.
විවිධ සංස්කෘතීන්, සමෘද්ධිමත් දේශීය කර්මාන්ත, දැරිය හැකි ජීවන රටාවක් මෙන්ම නගරයේ සිට මිනිත්තු කිහිපයක දුරින් පිහිටි වෙරළ සහ කඳු වැටි සහිත, ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරවලින් එකක් ලෙස Adelaide ශ්‍රේණිගත කර තිබෙනවා. දේශීය නැවුම් ආහාර වෙළඳපොලවල්, ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, උත්සව සහ ලෝක මට්ටමේ අවන්හල් සහ cafes ආදී සංස්කෘතික රසයන්, සිදුවීම් සහ විනෝදාස්වාදයෙන් පිරී ඇති නගරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
උසස් අධ්‍යාපනය සඳහා සුදුසුම ස්ථානයක් සොයන ඔබ ගවේෂණය කළ යුතුම ස්ථානයක් ලෙස Adelaide ප්‍රධාන දකුණු ඔස්ට්‍රේලියාව දක්වන්න පුළුවන්.