වසර 13කට පසු දකුණු අප්‍රිකාවට රග්බි ශූරතාවක්

  • Home
  • /
  • Sports
  • /
  • වසර 13කට පසු දකුණු අප්‍රිකාවට රග්බි ශූරතාවක්

2025 ලෝක රග්බි U20 ශූරතා තරඟාවලියේ ජයය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. 23-15ක් ලෙස නවසීලන්තය පරාජය කිරීමෙන් 2012 න් පසු පළමු වතාවට මෙම ගෞරවය Junior Springboks කණ්ඩායමට හිමිවුණා.

මෙය දකුණු අප්‍රිකාව විසින් U20 ලෝක ශූරතාවය දිනාගත් දෙවැනි අවස්ථාව වීම විශේෂත්වයකි. තරඟය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකාණු කණ්ඩායම නවසීලන්තයට දැඩි පීඩනයක් එල්ල කළ අතර, Xola Nyali විසින් driving maul එකකින් පළමු උත්සහක දිනුම වාර්තා කරා. Jayden Sa විසින් penalty එකකට පසු lineout එකක් භාවිත කරමින් නවසීලන්තයට උත්සහක ලැබීමත් සමඟ තරඟය තව තවත් උණුසුම් විය. කෙසේවෙතත් පළමු අර්ධය අවසන් වන විට දකුණු අප්‍රිකාව 13-5 ලෙස ලකුණු ඉදිරියෙන් තිබුණා. දෙවන අර්ධය තුළ ද දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයෝ හොද අහියෝගයක් ලබාදුන් අතර, නායක Riley Norton, 2024 U19 ක්‍රිකට් ලෝක කුසලානයේද නියෝජනය කළ කීර්තිමත් ක්‍රීඩකයෙකු වීම විශේෂයකි. තරඟය අවසන් වූ විට ලකුණු පුවරුව 23-15 ලෙස දැක්වී, දකුණු අප්‍රිකාවට ඉතිහාසගත ජයක් අත්කරදුන් තරඟයක් බවට පත්වුණා.

 

 

Image Credit goes to by : https://vannewsagency.com/detailsnews?newsid=VN51962020598

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025