2025 වසර සඳහා වන විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි වන අතර, එය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වේ. පළමු තරගය ලෙස, ඇෆ්ගනිස්තානය සහ හොංකොං කණ්ඩායම් අතර මූලික තරඟය එදිනම පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වන පළමු තරඟය සැප්තැම්බර් 13 වැනිදා බංග්ලාදේශය සමඟ වේ. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් කාණ්ඩ 02ක් යටතේ තරඟ වැදීමට නියමිතය:
A කාණ්ඩය:
- ඉන්දියාව
- පාකිස්තානය
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- ඕමානය
B කාණ්ඩය:
- ශ්‍රී ලංකාව
- බංග්ලාදේශය
- ඇෆ්ගනිස්තානය
- හොංකොං
Image Credit goes to by : https://in.pinterest.com/