ඕස්ට්‍රේලියානු visa වලට අලුතෙන් අදාළ වෙන English Tests
2025 අගෝස්තු 7 වන දින, ඕස්ට්‍රේලියානු වීසා සඳහා පිළිගත් English Language Tests (ELT) වෙනස් වුණා. කලින් මේ සඳහා පිළිගත් පරීක්ෂණ 5ක් තිබූ නමුත් මේ වන විට මෙම සංඛ්‍යාව 9 දක්වා වැඩි කර තිබෙනවා.
කලින් පිළිගත් ELT සඳහා, 2025 අගෝස්තු 6 වන දින හෝ ඊට පෙර පැවැත්වූ tests වලට අදාලව කලින් පැවති අවශ්‍යතා සුවිශේෂී කාලසීමාවක් සඳහා එලෙසෙම රඳා පවතිනවා. අදාළ වීසා බලපත්‍ර සඳහා වන බලපෑම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා department එකේ වෙබ් අඩවියට පිවිසෙන්න.
ELT වෙනස්කම්:
- පරීක්ෂණ සපයන්නන් හරහා ස්ථාවර ලකුණු ලැබෙන බව සහතික කිරීම
- වීසා අයදුම්කරුවන් සඳහා වඩාත් නම්‍යශීලී බවක් සහ පරීක්ෂණ විකල්ප ලබා දීම.
ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාව පිළිබඳ සාක්ෂි අවශ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට කැමති නම්; ඔබ අයදුම් කරන වීසා බලපත්‍රයේ අරමුණ සඳහා වලංගු වන test එකකට මුහුණ දී, එම English test එක සඳහා අවශ්‍ය ලකුණු ලබාගත යුතුයි.
Skills in Demand Visa (Subclass 482) සඳහා වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ වල අවශ්‍යතා 2025 සැප්තැම්බර් 13 වන දින දක්වා වෙනස් වෙන්නේ නැහැ.
මොනවද මේ අලුතෙන් එකතු වුණු tests කියන දේ ඉදිරියේදී කතා කරමු.