ඉංග්‍රීසි උගන්වන Holiday එකක්

  • Home
  • /
  • Blog
  • /
  • ඉංග්‍රීසි උගන්වන Holiday එකක්

ඕස්ට්‍රේලියාව විවිධ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ලබා දෙන ඉංග්‍රීසි භාෂා පාඨමාලා කිහිපයක් ගැන අපි කලින් දවසක කිව්වා. ඒ තමයි;

  • General English
  • English for Academic Purposes (EAP)
  • English for Specific Purposes (ESP)
  • Exam preparation
  • Teaching English 
  • Study tours

ඉතින් මේ අතරින් මුල්ම 3 ගැන අපි කලින් කතා කළා. අද බලමු අවසාන courses 3 ගැන.

Exam preparation

IELTS, TOEFL, TOEIC හෝ Cambridge First Certificate වැනි ඉංග්‍රීසි පරීක්ෂණයකට හෝ විභාගයකට සූදානම් වීමට සිටිනවානම් මේ පාඨමාලාව ඔයාට වැදගත් වේවි.

මේ ආකාරයේ පාඨමාලා ඔයාව ඉංග්‍රීසි ප්‍රවීණතා විභාග (English proficiency exams) සඳහා සූදානම් කිරීමට උපකාරී වෙනවා.

Teaching English 

ඉංග්‍රීසි භාෂාව, ස්වදේශීය භාෂාව නොවන අයට ඉගැන්වීමට, එහෙමත් නැත්නම් වෙනත් රටක පාසල්වල හෝ අධ්‍යාපනය සම්බන්ධව වැඩ කිරීමට මේ පාඨමාලාව උදව් වෙනවා.

මෙම පාඨමාලා මගින් ඔයාව ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන අයට ඉංග්‍රීසි ඉගැන්වීමට සූදානම් කරනවා. මේ සඳහා බොහෝ පාඨමාලා තිබෙනවා. ඒ අතරින් ජනප්‍රිය පාඨමාලා කිහිපයක්;

TESOL (Teaching English to Speakers of Other Languages) – වෙනත් භාෂා කතා කරන්නන්ට ඉංග්‍රීසි ඉගැන්වීම

  • TEFL (Teaching English as a Foreign Language) – විදේශ භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම
  • EfTC (English for Teaching Children) – දරුවන්ට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි)
  • Cambridge CELTA or DELTA (also known as the Certificate or Diploma in Teaching English to Speakers of Other Languages – previously the Certificate in English 
  • TESOL (වෙනත් භාෂා කතා කරන්නන්ට ඉංග්‍රීසි ඉගැන්වීම)
  • TEFL (විදේශ භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම)
  • EfTC (දරුවන්ට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි)
  • Cambridge CELTA හෝ DELTA – Certificate හෝ Diploma in Teaching English to Speakers of Other Languages ලෙසද හැඳින්වෙනවා. මීට පෙර එය හැඳින්වූයේ Certificate in English 

Study tours

ඔයාට කෙටි නිවාඩුවක් ගත කරන අතරතුර ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම්, එහෙමත් නැත්නම් ඔයාට රැකියාවට අදාළ පුහුණුවකට සහභාගී වන අතරතුර ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ පාඨමාලාව ඔයාට ගැලපෙනවා.

මේක ක්‍රීඩා, සමාජීය, සංචාරක, සංස්කෘතික හෝ වෘත්තීය පුහුණු ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කරලා General English උගන්වනවා.

Visitor Visa බලපත්‍රය නිර්මාණය කරලා තිබෙන්නේ සංචාරකයින් සහ ව්‍යාපාරික අමුත්තන් සඳහා. එය මාස තුනකට අඩු කාලයක, කෙටි අධ්‍යාපනික පාඨමාලා සම්පූර්ණ කිරීමට ඉඩ ලබා දෙනවා.

ඉතින් ඔයත් මේ අතරින් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන පාඨමාලාව තෝරාගන්න. එක ඔයාගේ ඉදිරි අධ්‍යාපනයට, රැකියාවට වගේම තවත් බොහෝ අවස්ථා සඳහා උදවු වේවි.

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026