Job එකක් හොයාගන්න විදිහ, රැකියාවකදී employers ලා සලකා බලන දේවල් ආදිය අපි කලින් articles කිහිපයකින්ම කතා කළා. තමන්ට ගැලපෙන කිසියම් තනතුරක් තිබේදැයි විමසීමට employers ලා වෙත සෘජුවම ළඟා වීම රැකියාවක් ලබා ගැනීමට උදව් වෙන්න පුළුවන්. මෙතනදී නිකන්ම resume එක දෙන කෙනෙක්ට වඩා ඔයාව කැපී පෙනෙනවා.
මේක ඔයාගේ සන්නිවේදන කුසලතා, මුලපිරීම සහ අභිප්‍රේරණය වගේ බොහෝ employers ලා බලාපොරොත්තු වෙන ලක්‍ෂණ ඔබ සතුව තිබෙන බව පෙන්වීමටත් හොඳ අවස්ථාවක්. මේක තරමක් අසීරු දෙයක් වගේ ඔයාට දැනෙන්න පුළුවන්. කොහොම වුනත් ඔයා හොඳින් ඔයාගේ හැකියා හා කුසලතා ඉදිරිපත් කරන්න සූදානම් නම් මේ වගේ සංවාදයක් පැවැත්වීම ලොකු උදව්වක් වේවි.
job application එක සහ resume එක සකස් කිරීම
ඔබේ job application එක සහ resume එක බොහෝ විට employers ලාට ඔබව හඳුන්වා දීමට තිබෙන පළමු අවස්ථාව. බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඊළඟ අදියරට යාමට නම්, ඔයාගේ අයදුම්පත අන් අයදුම්පත් අතරේ කැපී පෙනෙන වෙනසක් පෙන්වන්න ඕනේ.
මුලින්ම, ඔබේ අයදුම්පත හරහා ඉල්ලුම් කරන තනතුර කෙරෙහි ඔයාගේ ඇති උනන්දුව පෙන්වන්න ඒ business එක ගැන පොඩි research එකක් කරන්න. තනතුර පිලිබඳ තේරුම් ගැනීමට සහ මේ පිළිබඳව ඔයාගේ උද්යෝගය පෙන්වීමට ඔයාට පුළුවන් employer ට කතා කරලා ඔයාට තිබෙන ප්‍රශ්න ඍජුවම අහන්න. මේ විදිහට කෙලින්ම කතා කිරීමෙන් ඔවුන් ඔයාගේ අයදුම්පත් ගැන අවධානයක් යොමු කරනවා.
මේ විදිහට අයදුම් කරන අදියරේදී සේවායෝජකයින් කරුණු කිහිපයක් ගැන මූලික වශයෙන්ම සලකා බලනවා. ඒ අතර;
- අදාළ ක්ෂේත්‍රයේ සේවා පළපුරුද්ද සහ කුසලතා
- Availability එක
- ඉගෙනීමට ඇති කැමැත්ත
- සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා
- අනෙකුත් සුදුසුකම් සහ licences
ඔයාගේ job application එක හරියටම හදාගන්න අවශ්‍ය වෙන tips තවත් දවසක කතා කරමු.