ලොව මිනිසකු විසින් සිටවූ පැරණිතම ගස පිහිටා තිබෙන්නේ කොහේද? ඒ ඇතුළු තවත් සුවිශේෂී ලක්ෂණ රැසක් ඇති රටක් ගැන තමයි අද කියන්න හදන්නේ.
- යුනෙස්කෝ ලෝක උරුම අටකට නිවහන
පුරාණ නගර සහ ශෛලමය විහාරස්ථානවල සිට යටත් විජිත බලකොටු දක්වා යුනෙස්කෝ ලැයිස්තුගත ස්ථාන අටක් පිහිටා ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. මේවාට සීගිරිය, මහනුවර පූජනීය නගරය සහ මධ්‍යම කඳුකරය ඇතුළත් වෙනවා.
- ලොව මිනිසකු විසින් රෝපණය කරන ලද පැරණිතම ගස
මෙලොව ඇති, මිනිසකු විසින් රෝපණය කරන ලද පැරණිතම ගස ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ඇති ජය ශ්‍රී මහා බෝධිය යි. මෙය වසර 2,300 කට පෙර රෝපණය කරන ලද්දේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මුල් බෝධියේ අංකුරයකින්. බෞද්ධයන් මෙම පූජනීය ගසට බෙහෙවින් ගරු කරන අතර එය ලොව පුරා වන්දනාකරුවන්ගේ ගරු බුහුමනට පාත්‍ර වෙනවා.
- දිවියාගේ අද්විතීය උප විශේෂයක නිවහන
ශ්‍රී ලංකා දිවියා යනු ප්‍රධාන වශයෙන් යාල ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන ආවේණික උප විශේෂයක්. කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙක්. යාල යනු ලොව ඉහළම දිවියන් ඝනත්වයක් සහිත ස්ථානයක් වන අතර එය වඩා ඉල්ලුම ඇති සෆාරි ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.
Image Credit goes to by : https://commons.wikimedia.org/