ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ඉතා වැදගත් දෙයක් තමයි VET එහෙමත් නැත්නම් Vocational Education and Training කියන්නේ. ඕස්ට්‍රේලියානු VET පාඨමාලා ඒ ඒ කර්මාන්තවල සිටින විශේෂඥයින් විසින් නිර්මාණය කර උගන්වනවා. ඒවා වෙළඳ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල විවිධ රැකියා භූමිකාවන් සිය ගණනක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ තාක්ෂණික කුසලතා සපයනවා.
රැකියාවල සාර්ථකත්වය සඳහා අදාළ ක්ෂේත්‍රය තුල ලබා තිබෙන අධ්‍යාපනය වැදගත් වෙනවා. VET පාඨමාලා විවිධ වෘත්තීන් සිය ගණනක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ තාක්ෂණික සූදානම ලබා දෙනවා.
ඕස්ට්‍රේලියානු වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව එහෙමත් නැත්නම් vocational education and training (VET), ‘Technical and Vocational Education Training (TVET)’ සහ ‘skills training’ ලෙසත් හඳුන්වනවා. VET හි ප්‍රධානතම අධ්‍යාපන සපයන්නන් වෙන්නේ TAFE (Technical and Further Education) ආයතන.
VET වල ප්‍රධාන අධ්‍යාපන ක්ෂේත්‍ර මොනවද කියන එක සහ VET ඉගෙනුම් පරිසරයන් ගැන අපි කලින් දවසක් කිව්වා. අද අපි කියන්නේ මෙහි තියෙන විවිධ සුදුසුකම් මට්ටම් ගැන.
සෑම VET සුදුසුකමක්ම නව රැකියාවක් හෝ නව කුසලතාවයක් කරා යන පළමු පියවරක් වෙනවා. එහෙමත් නැත්නම් වැඩිදුර අධ්‍යයනය සඳහා මාර්ගයක් වෙනවා. මෙම ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා ඉදිරි උසස් අධ්‍යාපන අවස්ථා (විශ්ව විද්‍යාල මට්ටමේ උපාධියක්) සඳහා අවස්ථාව ලබා දෙනවා.
Certificate I
- Duration: 4 to 6 months
- Career outcome: Competent operator
Certificate II
- Duration: About 1 year
- Career outcome: Advanced operator
Certificate III
- Duration: About 1 year
- Career outcome: Qualified tradesperson or technician
Certificate IV
- Duration: 12 to 18 months
- Career outcome: Supervisor
Diploma
- Duration: 18 to 24 months
- Career outcome: Paraprofessional
Advanced Diploma
- Duration: 24 to 36 months
- Career outcome: Junior manager