දේශපාලකයින්ට හදවතක් නැති අය ලෙස අමතන එක තරමක් අනතුරුදායකයි. නමුත් ඇල්බේනියාව AI අමාත්‍යවරයෙකු පත් කිරීමෙන් එම අපහාසයට ධනාත්මක බවක් එකතු කරලා තිබෙනවා.
මේ කියන්නේ කෘතිම බුද්ධිය සඳහා පත් කරපු අමාත්‍යවරියක් ගැනනම් නෙවෙයි. මේ ඇත්තම AI කැබිනට් සාමාජිකාවක්.
මේ නවතම AI ඇමතිතුමියට දීල තියෙන නම තමයි ‘Diella’.
මැයි මැතිවරණයෙන් ඔහුගේ සිව්වන ධුර කාලය ආරම්භ කරලා මාස හතරකට පස්සේ තමයි අගමැති Edi Rama මේ විදිහට ඇයව ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පසුගිය සතියේ හඳුන්වලා දුන්නේ.
කොහොම වුනත් මේ පියවර නිල වශයෙන් ගත්ත එකක් නෙවෙයි. සංකේතාත්මක හඳුන්වා දීමක් විතරයි. මොකද ඇල්බේනියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවධාරණය කරනවා රජයේ අමාත්‍යවරුන් අවම වශයෙන් වයස අවුරුදු 18 ක් ඉක්ම වූ මානසික වශයෙන් දක්ෂ පුරවැසියන් විය යුතු බව.
ඇල්බේනියානු භාෂාවෙන් හිරු යන අර්ථය ඇති Diella ට කිසිදු විදිහකින් රාජ්‍ය සම්පත් පරිභෝජනය කරන්න බැහැ. යට පරිභෝජනය කරන්න පුළුවන් එකම දේ විදුලිය පමණයි. මේ හින්දා මේ ඇමැතිධූරයෙන් ඇති වන වියදම් ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
රාජ්‍ය ප්‍රසම්පාදන අමාත්‍යවරිය ලෙස Diella පත් කිරීමේ දී Edi Rama ගේ මූලිකම අදහස වුනේ දූෂණ අවම කිරීම.
රාජ්‍ය ටෙන්ඩර් වල 100% දූෂණයෙන් තොර රටක් බවට ඇල්බේනියාව පත් කිරීම තමයි ඇගේ කාර්යභාරය වෙන්නේ.
“පොදු ප්‍රසම්පාදනයේ පළමු පූර්ණ AI ආකෘතිය ඉදිරිපත් කිරීම සඳහා අපි ඇල්බේනියානු වගේම ජාත්‍යන්තර දක්ෂයින්ගෙන් ද සමන්විත කණ්ඩායමක් සමඟ වැඩ කරමින් සිටිනවා” යනුවෙන් අගමැති BBC වෙත පවසා තිබුණා. “පොදු ලංසු තැබීම් කෙරෙහි ඇති විය හැකි සෑම බලපෑමක්ම අපි අතුගා දමනවා පමණක් නොවෙයි, අපි ක්‍රියාවලිය බෙහෙවින් වේගවත්, වඩා කාර්යක්ෂම සහ සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට පත් කරනවා.”
ඩියෙල්ලා රජයේ ඇමතිවරියක් ලෙස පත්වීමට පෙර සිටම ඇල්බේනියාවේ සේවය කර තිබෙනවා. ඇගේ පළමු incarnation එක වුණේ AI බලයෙන් ක්‍රියාත්මක වන virtual assistant කෙනෙක් ලෙස, නිල ලේඛන ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අයදුම්කරුවන්ට මග පෙන්වීමයි.