නිව් සවුත් වේල්ස් හි දකුණු වෙරළ තීරයේ Batemans බොක්කට උතුරින් පිහිටි ජාතික වනෝද්‍යානයකදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කළේ යානය කඩා වැටී ඇති බවට විශ්වාස කරන නමුත් ඒ පිළිබඳව තවමත් පොලිසියට දැනුම් දී නොමැති බවයි.
flightradar24 හි දත්ත වලින් යානය අවසන් වරට පෙන්වන්නේ, බ්‍රහස්පතින්දා උදෑසන 11 ට පෙර Bankstown ගුවන්තොටුපළෙන් පිටත් වූ Cirus SR20 යානය පස්වරු 2.50 ට Budawang ජාතික වනෝද්‍යානය හරහා රේඩාර් එකෙන් අතුරුදහන් වීමට මොහොතකට පෙරයි.
සජීවී ගුවන් ගමනාගමන වාර්තාවලට අනුව, ගුවන් ගත වී පැය හතරකටත් අඩු කාලයකදී, කඩා වැටීම වාර්තා වීමට පෙර මිනිත්තු 25 ක් තුළ දී අඩි 8250 සිට අඩි 2000 ට අඩු උසකට යානය වැටී තිබෙනවා.
මෙම ගුවන් යානය Bankstown පියාසර පාසලට අයත් වන අතර එය ඇමරිකානු piston-engine, ආසන හතරක් හෝ පහක් සහිත composite monoplane එකක් ලෙස විස්තර කෙරෙනවා.
“පාලනය නැතිවීම, ව්‍යුහාත්මක අසමත් වීමකදී හෝ මැද ගුවනේ දී ගැටීමෙන් පසු ගුවන් යානය ආරක්ෂිතව බිමට පහත් කළ හැකි පැරෂුටයක් සහිත පළමු production general aviation aircraft එක එයයි” යනුවෙන් Bankstown පියාසර පාසලේ ගුවන් යානය පිළිබඳ විස්තරයේ සඳහන් වෙනවා.
අනතුර සිදු වූ බවට සැක කරන ස්ථානයට ඉහළින් Toll Ambulance Rescue helicopter එකක් දැනට ක්‍රියාත්මකයි.
අනතුර සිදුවන අවස්ථාවේ වයස 60 ගණන්වල පසුවන පුද්ගලයෙකු යානය පැදවූ බවට විශ්වාස කෙරෙන බව Nine News වාර්තා කර තිබුණා.