අද කියන්න හදන්නේ 2025, International Booker Prize එකේ ජයග්‍රාහකයා ගැන. ඒ තමයි ‘Heart Lamp’.
මෙය කතා 12 කින් සමන්විත වෙනවා. එහි කතුවරිය වන Banu Mushtaq විසින් මේ කෘතිය හරහා දකුණු ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාවන්හි කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ එදිනෙදා ජීවිතය විශිෂ්ට ලෙස ග්‍රහණය කර තිබෙනවා.
1990 සහ 2023 අතර කාලයේදී කන්නඩ භාෂාවෙන් මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද, පවුල් සහ ප්‍රජා ආතතීන් පිළිබඳ මෙම දැවැන්ත චිත්‍රය, Mushta මාධ්‍යවේදිනියක් සහ නීතිඥවරියක් ලෙස ගත කළ වසරවල ඇසි දුටු අතදැකීම් වලට සාක්ෂි දරනවා. එහිදී ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටි අතර සියලු ආකාරයේ කුල හා ආගමික පීඩනයන්ට විරෝධය දැක්වූවා.
මායාකාරී, සජීවී, වාචික, සංවේදී සහ උද්දීපනය කරන ශෛලියකින් ලියා ඇති ඇගේ චරිත තුළ දීප්තිමත් දරුවන්, නිර්භීත ආච්චිලා, ආගමික අන්තවාදී විකෘති මත දරන්නන් සහ මැර සහෝදරයන් ආදී බොහෝ දෙන වනවා. බොහෝ විට අවාසනාවන්ත ස්වාමිපුරුෂයන් සහ ඒ සියල්ලටම වඩා විශාල වෑයමක් දරා තම හැඟීම්වලින් බේරී සිටින මව්වරුන් මේ හරහා අපූරුවට ඉදිරිපත් කරනවා.
Mushtaq මිනිස් ස්වභාවය පිළිබඳ විශ්මයජනක ලේඛකයෙකු සහ නිරීක්ෂකයෙකු ලෙස සිය දැක්ම ඉදිරිපත් කර ඇති අතර චිත්තවේගයන් ඉදිරිපත් කිරීමට පොහොසත් වාචික ශෛලියක් උපයෝගී කරගෙන තිබෙනවා.
ඇයගේ කෘතිය ගතානුගතික මත දරන්නන්ගෙන් මෙන්ම ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් සාහිත්‍ය සම්මානවලින් ද දෝෂාරෝපණයට ලක් වුණා.
2025 මැයි 20 වන දින ලන්ඩනයේ Tate Modern හි පැවති උත්සවයකදී 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ‘Heart Lamp’ නිවේදනය කෙරුණා.
Banu Mushtaq විසින් ලියවුණු, මෙම කෘතිය Deepa Bhasthi විසින් පරිවර්තනය කෙරූ අතර 2025 අප්‍රේල් 8 වන දින And Other Stories විසින් ප්‍රකාශයට පත් කලා.