රට පුරා පැවති සංක්‍රමණ විරෝධී විරෝධතාවලින් මාසයකට පමණ පසු, ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානුවන් ජාතිවාදී අපයෝජනයන්ට මුහුණ දෙන බව ඇතැම් අය චෝදනා කරනවා.
තමන්ට සිදු වූ එවැනි පිළිකුල් සහගත සිදුවීම් සම්බන්ධයෙන් ඇතැම් අය දක්වූ අදහස් www.abc.net.au වෙබ් අඩවිය දක්වා තිබුනා. තමන් මාර්ගයේ ගමන් ගන්නා විට පවා ඇතැම් අසභ්‍ය සහ අපහාසාත්මක කතා තමන්ට පවසන බව එක Sydney හි ජීවත් වන 26 හැවිරිදි තරුණියක් එහිදී පවසා තිබුණා.
ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගිය සංක්‍රමණ විරෝධී විරෝධතා මාලාවකින් මාසයකට ආසන්න කාලයකට පසුව, ඇය වැනි ඉන්දියානු හා ඒ හා සමාන පෙනුමක් ඇති බොහෝ දෙනෙක්ට තවමත් අනාරක්ෂිත බවක් නොදැනෙන බවයි ඔවුන් පවසා සිටියේ.
විරෝධතාවලින් පසු ඉන්දියානුවන්ට එරෙහිව ජාතිවාදී අපයෝජනය වැඩි වී ඇති බව සමහරු විශ්වාස කරනවා. සමහරක් පවසා තිබුනේ ඔවුන්ට කවදාවත් නැති තරම් බියක් දැනෙන බවයි.
“දැන් අවට ඇති ජාතිවාදය වඩාත් ආක්‍රමණශීලී, ප්‍රචණ්ඩකාරී, ද්‍රෝහී සහ පාලනය කළ නොහැකි බවක් දැනෙනවා. මට තවදුරටත් එළියේ සහ එහා මෙහා යාමෙන් විනෝද වීමට නිදහසක් නැහැ” දැන් නීතිඥවරියක් ලෙස සේවය කරන 26 හැවිරිදි ඉන්දීය තරුණියක් පවසා තිබුණේ ඇතැම් ඉලක්කගත ප්‍රචාරයන් හේතුවෙන් ඉන්දියානු ජනතාව හෝ ඉන්දියානුවන් ලෙස පෙනෙන ඕනෑම අයෙකු ජාතිවාදී ප්‍රහාරවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.
අගෝස්තු 31 වන දින March for Australia රැලි අතරතුර ප්‍රධාන නගරවල බෙදා හරින ලද පත්‍රිකා ගැන සඳහන් කරමින් ඇය මේ බව පවසා තිබුණා. එම පත්‍රිකා විශේෂයෙන් ඉන්දියානු ප්‍රජාව ඉලක්ක කර තිබුණා.
එහිදී ඔවුන් කියා සිටියේ 1925 සිට සිදු වූ ග්‍රීක සහ ඉතාලි පැමිණීම් වලට වඩා වැඩි සංඛ්‍යාවක් 2020 සිට ඉන්දියානු ජාතිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවයි.
ඔවුන් මෙම කතාව පතුරවා තිබුණේ සංක්‍රමණ ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද ඕස්ට්‍රේලියාවේ ආගමන දෙපාර්තමේන්තුව එම සඳහන් වර්ෂයෙන් දශක දෙකකට පසුව, එනම් 1945 දී නිර්මාණය කරන ලද පසුබිමකයි.