ඕස්ට්‍රේලියාවේ දරුණුතම වැටුප් සොරුන් නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
මෙම වැටුප් සොරකම සිදුවන්නේ සේවකයින්ට ඔවුන්ගේ සම්පූර්ණ නීතිමය හිමිකම් නොලැබෙන විට, හිතාමතා හෝ වැරදීමකින්, සේවකයින්ට වැටුප්, විශ්‍රාම වැටුප්, අතිකාල, දඩ අනුපාත හෝ වෙනත් දීමනා අහිමි වන විටයි.
Reckon විසින් වසර පහක Fair Work Ombudsman පැමිණිලි විශ්ලේෂණය කරන ලද අතර, එමඟින් ව්‍යාපාර 9401 ක් අදාළ තත්ත්වයන්ට අනුකූල නොවන බව සොයා ගන්නා ලද අතර එහි 2019 සහ 2024 අතර අවසන් කරන ලද විමර්ශනවලින් අඩකට වඩා තිබෙනවා.
වාර්තාවෙන් හඳුනාගෙන ඇත්තේ වසර 5ක කාලය තුළ කම්කරුවන්ට ඩොලර් බිලියන 1.76 කට වඩා ආපසු ගෙවන ලද බවයි.
රාජ්‍ය පරිපාලනය සහ ආරක්ෂාව, නවාතැන් සහ ආහාර සේවා, ඕස්ට්‍රේලියාවේ වැටුප් සොරකම් සඳහා නරකම කර්මාන්ත වෙනවා.
රාජ්‍ය පරිපාලනය සහ ආරක්ෂක අංශයේ අනුකූල නොවන ව්‍යාපාරවලින් අයකර ගත් සාමාන්‍ය මුදල ඩොලර් 274,884 ක්. වැටුප් සොරකම් කිරීමේ ඉහළම අනුපාතය එය වූ අතර නඩු 100,000 කින් 923.3 ක් මීට සම්බන්ධයි.
බොහෝ විට තරුණ, casual workers ලා සිටින hospitality sector එකේ, නීති කඩ කරන ව්‍යාපාර සංඛ්‍යාව 100,000 කට 666 ක් ලෙස සඳහන් වුණා.
අනුකූල නොවන ව්‍යාපාරවලින් අයකර ගත් ඉහළම සාමාන්‍ය මුදල පතල් කැණීම් අංශයෙන් (ඩොලර් මිලියන 4.3) වූ අතර, පසුව විදුලිය, ගෑස්, ජලය සහ අපද්‍රව්‍ය සේවා (ඩොලර් මිලියන 2.5) සහ මූල්‍ය හා රක්ෂණ සේවා (ඩොලර් මිලියන 1.7) අංශ සිටිනවා.
Northern Territory එක රටේ වැටුප් සොරකම් කිරීමේ ඉහළම ප්‍රමාණය වාර්තා කළ අතර, අනුකූල නොවන ව්‍යාපාර 100,000 කට ව්‍යාපාර 386 ක අගයක් වාර්තා වුණා.
පසුගිය වසර පහ තුළ, ව්‍යාපාර වැරදි සොයා ගත් පරීක්ෂණ සංඛ්‍යාව 26.6% කින් වැඩි වූ අතර එය නඩු 806 සිට 2500 කට ආසන්න අගයක් ගත්තා.
“අපගේ පර්යේෂණවලින් හෙළි වන්නේ ඕස්ට්‍රේලියාව පුරා වැටුප් සොරකම සැලකිය යුතු ගැටලුවක් ලෙස පවතින බවයි. පසුගිය මූල්‍ය වසර පහ තුළ පරීක්ෂණ 16,700 කට අධික ප්‍රමාණයක් අවසන් කර ඇති අතර ව්‍යාපාර 9400 කට වැඩි ප්‍රමාණයක් අනුකූල නොවන බව සොයාගෙන තිබෙනවා” යනුවෙන් Reckon ප්‍රධාන විධායක නිලධාරී Sam Allert පැවසුවා.