අද අපි කියන්නේ සුන්දර Tasmania වල තිබෙන රස පිරුණු අවන්හලක් ගැන. මේ තමයි ‘Cafe & Ceylon Cuisine’. ඕස්ට්‍රේලියාවේ සුන්දර ටැස්මේනියාවේ පිහිටා ඇති මෙම අවන්හල, ශ්‍රී ලංකාවේ සුන්දර දූපතෙන් ආභාෂය ලැබූ සුවඳවත් කුළුබඩු සහ විචිත්‍රවත් රසයන්හි සිත් ඇදගන්නාසුළු මිශ්‍රණයක් පිරිනමනවා.
Cafe & Ceylon Cuisine කියන්නේ රසයේ සීමාවන් ඉක්මවා යන වෙනස්ම අත්දැකීමක් ලබාගැනීමට ඔයා යා යුතුම තැනක්. ශ්‍රී ලංකා ආහාරවල විවිධාකාර හා විශිෂ්ට රසයන් ලොවට ගෙන ඒමේ දැක්මකින් ආරම්භ වී නවීන රසයන් ද එකතු වුණු සාම්ප්‍රදායික කෑම වර්ග රැසක් මෙහිදී ඔයාට රස බලන්න පුළුවන්.
මෙහි එන ඔයාට Starters විදිහට veg & egg Pattie, fish & egg Pattie, Baby jackfruit cutlet, fish cutlet ආදිය රස බලන්න පුළුවන්.
ඒ වගේම Vegetable fried rice, egg fried rice, Chicken curry සමග fried rice, Lamb curry සමග fried rice, Seafood fried rice, Mixed fried rice, Chicken බිරියානි, ඉඳිආප්ප බිරියානි, Chicken නාසිගුරාන්, Seafood නාසිගුරාන්, Singapore noodles, සහ ඔයා කැමතිම Vegetable, egg, Chicken, Lamb, Seafood, Cheese, ඉඳිආප්ප ආදී කොත්තු වර්ගත් මෙහිදී ඔයාට ලබාගන්න පුළුවන්.
ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය කෑමක් වෙන ඉඳිආප්පත් ඔයා කැමති curries එක්ක ලබාගන්න පුළුවන්. ඉඳිආප්ප වගේම ඔයා කැමතිම ආප්ප, බිත්තර ආප්ප වගේම cheese ආප්පත් ඔයා කැමති curries එක්ක ලබාගන්න පුළුවන්. ඒ වගේම Rice & curry ත් ඔයාට ලබාගන්න පුළුවන්.
ඒ වගේ Desserts වර්ග අතර ලාංකිකයන්ගේ කවදත් ප්‍රියතම කිරි සහ පැණි වගේම වටලප්පන්, පුඩිං වර්ගත් තියෙනවා.
ඉතින් ඔයත් Cafe & Ceylon Cuisine සමග එකතු වෙලා සෑම ආහාර වේලකම තිබෙන ශ්‍රී ලාංකික සම්ප්‍රදාය, රසය සහ විචිත්‍රවත්වය විඳගන්න.
Address
93 Tasman Hwy,
Waverley TAS 7250, Australia
Hours
Tuesday – Sunday
11.00 am – 8.00 pm
Contacts
(03) 6339 1559
වැඩි විස්තර දැනගැනීමට සහ වෙන් කරවා ගැනීම් සඳහා පිවිසෙන්න: