ශ්‍රී ලංකාවට යන්න හිතාගෙන ඉන්න ඔයාට apply කරන්න පුළුවන් visa වර්ග කිහිපයක් ගැනම අපි කතා කළා. ඒ වගේම ඒ සඳහා සපුරා තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එකත් අපි සලකා බැලුවා.
අද කියන්න හදන්නේ මේ කුමක් හෝ හේතුවකට ශ්‍රී ලංකාවට එන ඔයා visa ලබා ගත යුතු කෙනෙක්නම් ඒ සඳහා අයදුම් කරන ආකාරය ගැනයි.
Short Visit Visa (Tourist /Business / Transit Visa)
දින 180ක් දක්වා වූ කෙටි සංචාර සඳහා අවසර පත්‍රයක් (Electronic Travel Authorization or ETA) නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මාර්ගගත පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව www.eta.gov.lk හරහා අයදුම්කරුවන්ට එය තනිවම ලබා ගන්න පුළුවන්.
ඔයාටත් ETA සඳහා අයදුම් කරන්න අවශ්‍යනම් නිල ETA වෙබ් අඩවියට පිවිසෙන්න වග බලාගන්න. මොකද වෙනත් පාර්ශව වල වෙබ් අඩවි Sri Lankan ETA සංවිධානය කිරීමට සහ අධික මුදලක් අය කිරීමට වංචනිකව මැදිහත් විය හැකි නිසා.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයෙන් අයදුම් කිරීම: ඔයාට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාළ කාර්යාලයට ගිහින් ඔයාගේ අයදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්.
මේ විදිහට කවුන්ටරයෙන් අයදුම්පත ඉදිරිපත් කරනවානම් කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යය වෙනවා. www.slcgmel.org/booking හරහා ඔයාට ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා අතර වේලාවකදී appointment එකක් ලබා ගන්න පුළුවන්.
තැපෑලෙන් ඉදිරිපත් කිරීම: දින 30කට වැඩි කාලයක් (දින 90ක් දක්වා) අවශ්‍ය ETA සඳහා අයදුම්පත තැපෑලෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකෙදී ඔයාට ශ්‍රී ලංකාවට පිටත් වීමට අවශ්‍ය දවසේ සිට අවම වශයෙන් දවස් 7කට පෙර අයදුම්පත ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත යැවිය යුතුයි.