ණයක් වෙනුවෙන් විකිණූ Yusuf ගේ කතාව

  • Home
  • /
  • Blog
  • /
  • ණයක් වෙනුවෙන් විකිණූ Yusuf ගේ කතාව

නොබෙල් ත්‍යාගලාභී Abdulrazak Gurnah ගේ ශ්‍රේෂ්ඨතම නවකතාව ආරම්භ වන්නේ 12 හැවිරිදි Yusuf ව ඔහුගේ පියා විසින් ණයක් සඳහා ගෙවීමක් ලෙස වෙළෙන්දෙකුට ලබා දීමත් සමඟ යි. 

මෙය අහිමි වීමේ සහ මරණයේ මතකයක් ඔහුට ඉතිරි කරනවා. ඔහුගේ මතකයේ තිබෙන සෑම දිනක්ම අවසාන දිනයට සමාන වූ නියඟ සමයක්. අනපේක්ෂිතව මල් පිපී මිය යනවා. අමුතු කෘමීන් දැවෙන ආලෝකයෙන් ඔවුන්ගේ මරණය ළඟා කරගන්නවා. 

යටත් විජිතකරණය සහ යුද්ධය අතරතුර නැගෙනහිර අප්‍රිකාව හරහා යන ගමනකදී යූසුෆ් දිනෙන් දින වයසින් වැඩෙනවා. Abdulrazak Gurnah ඉතා ලස්සනට මේ තරුණයාගේ ජීවන අත්දැකීම් Paradise නමැති විශිෂ්ඨ කෘතිය හරහා ඉදිරිපත් කරනවා. 

මේ පොතේ ඇති විශිෂ්ඨත්වය නිසාම 1994 දී Booker Prize එක සඳහා shortlist වෙනවා. මේ කෘතිය ‘Whitbread Prize for Fiction’ සඳහා ද නිර්දේශ වී තිබෙනවා.

ඉතින් ඔයත් 1994 දී Hamish Hamilton විසින් ප්‍රකාශයට පත් කළ ‘Paradise’ නමැති මේ කතාව කියවලම බලන්න.

Image credit: crafterfox.eu 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025