Car share කියන්නේ එකම වාහනයක් කිහිප දෙනෙක්ට එක්ව භාවිතා කරන්න ඉඩ ලබාදෙන පහසුකමක්.
ඉතින් අද අපි කතා කරන්නේ Sydney නගරයේ ලබාදෙන Car share පහසුකම ගැන. සිඩ්නි නගරයේ පදිංචිකරුවන් සහ ව්‍යාපාර 50,000 කට වඩා මෙම සංවිධානවල සාමාජිකත්වය දරනවා.
Sydney නගරය 2008 දී එහි පළමු car sharing parking space එක ස්ථාපනය කළා. එතැන් සිට, on-street car share parking spaces 800 කට වඩා ජාලයට එකතු කර ඇති අතර, එය සියලුම kerbside parking වලින් 2% කට වඩා අඩු ප්‍රමාණයක්. ඊට අමතරව, මෙහි local planning controls මගින් නව commercial සහ residential developments වලට සපයා ඇති car sharing parking space ගණන වැඩි කිරීමට කටයුතු කරනවා.
Car share users ලා සාමාන්‍යයෙන් තමන්ටම Car එකක් මිලදී ගැනීමෙන් වැළකෙනවා හෝ අඩු කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට නගරයේ වීදිවල වාහන අඩු වීම, වාහන නැවැත්වීමේ තරඟකාරිත්වය සහ වාහන විමෝචනය අඩු කරවීම සිදු වෙනවා.
Car sharing වල ප්රතිලාභ
Car sharing ප්‍රජා ප්‍රවාහන සහ පාරිසරික ඉලක්ක සඳහා විවිධාකාරයෙන් සහාය වෙනවා;
- personal car ownership එක අඩු කිරීම
- ගමන් කරන ලද වාහන දුර අඩු කිරීම
- නාගරික ඉඩම් භාවිතය සහ සංවර්ධනය වැඩිදියුණු කිරීම
- සෑම කෙනෙකුටම වාහන සඳහා දැරිය හැකි ප්‍රවේශයක් ලබා දීම
- පදිංචිකරුවන් ඇවිදීමට, බයිසිකල් පැදීමට සහ බස් රථ සහ දුම්රියෙන් යාමට පෙළඹවීම
- හරිතාගාර වායු විමෝචනය අඩු කරන අතරම පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම