කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න: https://www.facebook.com/share/p/1YYVFCL1z6/ )
එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටුවපු JSC 10ක් ගැන.
දැන් අපි කතා කරමින් ඉන්නේ එහි 1වෙනි JSC එක වන ‘BuildSkills Australia’ පිළිබඳව.
(ඔබව නොසිතූ ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් කරන BuildSkills Australia. සම්පූර්ණ විස්තරය කියවන්න: https://sannasa.com.au/archives/9589 )
ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් ආවරණය කරනවා. ඒවා තමයි Construction, Property සහ Water කියන sectors.
1 . ඉදිකිරීම් (Construction)
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හොඳම රැකියාවක් සොයාදෙන තැන: සම්පූර්ණ විස්තරය කියවන්න: https://sannasa.com.au/archives/9676
අද අපි කතා කරමු Property sector එක ගැන.
2 . දේපළ (Property)
දේපල, එහෙමත් නැත්නම් Property sector එක බොහෝ වෘත්තීන් ආවරණය කරනවා. මෙයට දේපළ වෙළඳාම්, දේපළ කළමනාකරණය, නාගරික සැලසුම්කරණය සහ පහසුකම් කළමනාකරණය ඇතුළත් වෙනවා. මෙම අංශයේ frontline sales positions වල සිට specialised asset management roles දක්වා පුළුල් පරාසයක භූමිකාවන් තිබෙනවා.
BuildSkills මගින් මෙම අංශයේ වෘත්තීය වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙම කර්මාන්තය තුළ පවතින වෘත්තීන් අතර;
- Stock Agents
- Real Estate Investment Advisors
- Land Economist
- Landscape Architects
විශාල පරාසයක භූමිකාවන් තිබෙනවා.
ඉතින් ඔයාටත් BuildSkills Australia හරහා මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්. ඒ සඳහා වැඩිදුර විස්තර දැනගන්න රජයේ buildskills.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.