ඕස්ට්‍රේලියාව කියන්නේ උසස් අධ්‍යාපනය සඳහා ලොව හොඳම රටවල් වලින් එකක්. ඉතින් අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න ඔයාට ගත වෙන කාලය ගැන.
විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල නොවන උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් (පෞද්ගලික ආයතන සහ රජය සතු TAFE ඇතුළුව) උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ඇතුළු උපාධි පිරිනමනවා.
බොහෝ උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් Graduate Diploma සහ Graduate Certificate programs වගේම සම්පූර්ණ උපාධි සුදුසුකම් සඳහා මඟ පෙන්වන Associate Degrees පවා පිරිනමනවා.
Undergraduate (Bachelor degree and Vocational Degree level)
කාලය – සාමාන්‍යයෙන් අවුරුදු 3 (ගෞරව උපාධියක් සඳහා අවුරුදු 4)
Semesters – 2, නමුත් සමහර providers ලා දැන් ත්‍රෛමාසික තුනක් පිරිනමනවා
ආරම්භය – සාමාන්‍යයෙන් මාර්තු. නමුත් පාඨමාලා සහ අධ්‍යාපන සැපයුම්කරු අනුව වෙනස් විය හැකියි. වසර මැද හෝ දෙවන අධ්‍යයන වාරයේ ආරම්භයන් ද ලබා ගත හැකියි.
පශ්චාත් උපාධිය (Postgraduate)
කාලය – අවුරුදු 1 සිට 2 දක්වා
Semesters – 2, නමුත් සමහර සැපයුම්කරුවන් දැන් ත්‍රෛමාසික තුනක් පිරිනමනවා
ආරම්භය – සාමාන්‍යයෙන් මාර්තු. නමුත් පාඨමාලාව සහ අධ්‍යාපන සැපයුම්කරු අනුව වෙනස් විය හැකියි.
ආචාර්ය උපාධිය (Doctoral)
කාලය – අවුරුදු 3 (review එක සඳහා අමතර වසර 1)
Semesters – බොහෝ ආචාර්ය උපාධි අපේක්ෂකයින් පන්තිවලට සහභාගී වෙන්නේ නැති වුණත් වසර පුරා academic supervision එක ලැබෙනවා
ආරම්භය – ආරම්භක දිනයන් Doctoral degree supervisor කෙනෙකු සමඟ සාකච්ඡා කළ යුතුයි