නොසිතන ක්‍ෂේත්‍රයක විශිෂ්ට වෘතිකයෙක් වෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • නොසිතන ක්‍ෂේත්‍රයක විශිෂ්ට වෘතිකයෙක් වෙන්න

කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න: https://www.facebook.com/share/p/1YYVFCL1z6/ )

එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටුවපු JSC 10ක් ගැන.

දැන් අපි කතා කරමින් ඉන්නේ එහි 1වෙනි JSC එක වන ‘BuildSkills Australia’ පිළිබඳව.

(ඔබව නොසිතූ ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් කරන BuildSkills Australia. සම්පූර්ණ විස්තරය කියවන්න: https://sannasa.com.au/archives/9589

ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් ආවරණය කරනවා. ඒවා තමයි Construction, Property සහ Water කියන sectors. 

1 . ඉදිකිරීම් (Construction)

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හොඳම රැකියාවක් සොයාදෙන තැන: සම්පූර්ණ විස්තරය කියවන්න: https://sannasa.com.au/archives/9676 

2 . දේපළ (Property)

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න මග: https://sannasa.com.au/archives/9769 

අද අපි කතා කරමු Water sector එක ගැන.

රටේ යටිතල පහසුකම් සහ තිරසාරභාවය සඳහා water sector එක ඉතා වැදගත් වෙනවා. එය එතරම් වැදගත් ක්ෂේත්‍රයක්ව තිබියදීත්, මෙම අංශයේ වෘත්තීය දැනුවත්භාවය සිසුන් අතර අඩු මට්ටමක පවතිනවා. 

BuildSkills විසින් සිසුන්ට water management වලට අදාළ වෘත්තීන් ගවේෂණය කිරීමට වගේම එම අංශයේ පුළුල් බලපෑම සහ අවස්ථා වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උදව් වෙන ක්‍රම හඳුන්වා දෙනවා. ඒ වගේම real-world applications මඟින් මෙම අංශයේ වැඩ පිළිබඳ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කරන්නත් උපකාර කරනවා.

මේ ක්‍ෂේත්‍රය තුළත් කලින් අපි කතා කළ අංශ වල වගේම විශාල පරාසයක වෘත්තීය අවස්ථා තිබෙනවා;

  • Water Quality Scientists
  • Water Treatment Plant Operators
  • Geotechnical Engineers
  • Hydrographic Surveyors

මේ ක්‍ෂේත්‍රය තුළ දිගුකාලීන වෘත්තීන් තෝරා ගැනීම සඳහා සිසුන් බල ගැන්වීමට BuildSkills කටයුතු කරනවා. 

ඉතින් ඔයාටත් BuildSkills Australia හරහා මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වෙන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්. ඒ සඳහා වැඩිදුර විස්තර දැනගන්න රජයේ buildskills.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025